ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර කාන්තාවකට

ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ඩබ්ලිව්. ආර්. එන්. ආර්. ප්‍රේමචන්ද්‍ර මහත්මිය පත් කර තිබෙනවා.

ඇය මේ වනවිට (මැයි 03) ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස තාක්ෂණික අංශයේ සේවය කරනු ලබනවා.

ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවයේ නියුතු කේ.ජී.සන්ධ්‍යා කුමුදිනී මහත්මිය ඊයේ (02) දින සිට සේවයෙන් විශ්‍රාම ගිය බැවින් පුරප්පාඩු වූ එකී තනතුරටයි නව පත් කිරීම කැබිනට් අනුමැතිය මත සිදු කර ඇත්තේ.

ඒ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?