ගුවන් යානයේ දී ගුවන් සේවිකාවන්ට ලිංගික අඩත්තේට්ටම් කිරීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකු, එම ගුවන් යානය තුළ සිටි මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩත්තේට්ටම් කිරීම නිසා ගුවන් තොටුපොළ පොලීසිය අද (12) අලුයම අත් අඩංගුවට ගැනුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය – නාගද්වීපය යන ප්‍රදේශයේ පදිංචි කන්දයියා තුරේසිංහම් 65 හැවිරිදි අයෙක්.

ඔහු ස්වීඩනයේ ද පදිංචි ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකු ලෙස ද වාර්තා වනවා.

සැකකරු අද අලුයම 12.45 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී, අධික ලෙස මත්පැන් පානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව එම ගුවන් යානය තුළ සිටි මගීන්ට කරදර වන ආකාරයට හැසිරීමට පටන් ගෙන ඇති අතර පසුව එම යානය තුළ සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකු වෙත ලිංගික අඩත්තේට්ටම් කිරීමට ද හෙතෙම තැත් කර තිබෙනවා.

පසුව ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීන් ඔහු අල්ලාගෙන, මෙම සිදුවීම පිළිබඳ වගුවන් නියමුවා දැනුවත් කිරීමට ද පියවර ගැනුණා.

ඒ අනුව මේ පිළිබඳ ව ගුවන් නියමුවා විසින් කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්ස වූ පසුව, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන්, ගුවන් තොටුපොළ පොලීසිය සමග පැමිණ මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ගුවන් මගියා පොලීසිය විසින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ද යොමු කර තිබූ අතර, එහිදී මොහු මත්පැන් පානය කර ඇති බවට සනාථ වී තිබෙනවා.

සැකකරු අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අංක 01 අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08