ගුවන් යානයක රෝදයක් යට සැඟවී පැමිණි පුද්ගලයෙකුට අත් වූ ඉරණම

දකුණු අප්‍රිකාවේ සිට ඇම්ස්ටර්ඩෑම් හි ෂිපෝල් ගුවන් තොටුපළට ගොඩබස්වන ලද ගුවන් යානයක රෝද කොටසේ සැඟවී පැමිණි පුද්ගලයෙක් පණපිටින් විශ්මිත ලෙස දිවි බේරාගෙන සිටිය දී සොයාගත් බව නෙදර්ලන්ත පොලිසිය පවසනවා.
ජොහැන්නස්බර්ග් සිට ඇම්ස්ටර්ඩෑම් දක්වා ගුවන් ගමනක් සඳහා පැය 11ක් පමණ ගත වේ.  මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කෙන්යාවේ නයිරෝබි හි එක් නැවතුමක නතර කර තිබේ.  ඉහළ උන්නතාංශවල ඇති අංශ ඍණ 60 දක්වා වූ අධික ශීතල සහ අඩු ඔක්සිජන් තත්වය තුළත් මෙම පුද්ගලයා දිවි ගලවාගෙන ගමන අවසන් කර තිබේ.  පුද්ගලයාගේ වයස සහ ජාතිකත්වය මෙතෙක් නිශ්චය කර නොමැති බව පොලිසිය පවසයි.

 “ගුවන් යානයේ ඉදිරිපස නාසයේ රෝද කොටසේ කුටියේ සිටි මෙම පුද්ගලයා හමුවුණා. ඔහු ජීවතුන් අතර ඉන්නවා. ඔහු ස්ථාවර තත්ත්වයෙන් රෝහල් ගත කරලයි ඉන්නෙ” යනුවෙන් රාජකීය නෙදර්ලන්ත හමුදා පොලිස් ප්‍රකාශිකා ජොආනා හෙල්මන්ඩ්ස් ඒඑෆ්පී පුවත් ඒජන්සියට පවසා තිබිණි..

  “මිනිසා තවමත් ජීවතුන් අතර සිටීම ඉතා විශ්මිතයි,” ඇය පැවසුවාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?