ගුවන් යානයක රෝදයක් යට සැඟවී පැමිණි පුද්ගලයෙකුට අත් වූ ඉරණම

දකුණු අප්‍රිකාවේ සිට ඇම්ස්ටර්ඩෑම් හි ෂිපෝල් ගුවන් තොටුපළට ගොඩබස්වන ලද ගුවන් යානයක රෝද කොටසේ සැඟවී පැමිණි පුද්ගලයෙක් පණපිටින් විශ්මිත ලෙස දිවි බේරාගෙන සිටිය දී සොයාගත් බව නෙදර්ලන්ත පොලිසිය පවසනවා.
ජොහැන්නස්බර්ග් සිට ඇම්ස්ටර්ඩෑම් දක්වා ගුවන් ගමනක් සඳහා පැය 11ක් පමණ ගත වේ.  මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කෙන්යාවේ නයිරෝබි හි එක් නැවතුමක නතර කර තිබේ.  ඉහළ උන්නතාංශවල ඇති අංශ ඍණ 60 දක්වා වූ අධික ශීතල සහ අඩු ඔක්සිජන් තත්වය තුළත් මෙම පුද්ගලයා දිවි ගලවාගෙන ගමන අවසන් කර තිබේ.  පුද්ගලයාගේ වයස සහ ජාතිකත්වය මෙතෙක් නිශ්චය කර නොමැති බව පොලිසිය පවසයි.

 “ගුවන් යානයේ ඉදිරිපස නාසයේ රෝද කොටසේ කුටියේ සිටි මෙම පුද්ගලයා හමුවුණා. ඔහු ජීවතුන් අතර ඉන්නවා. ඔහු ස්ථාවර තත්ත්වයෙන් රෝහල් ගත කරලයි ඉන්නෙ” යනුවෙන් රාජකීය නෙදර්ලන්ත හමුදා පොලිස් ප්‍රකාශිකා ජොආනා හෙල්මන්ඩ්ස් ඒඑෆ්පී පුවත් ඒජන්සියට පවසා තිබිණි..

  “මිනිසා තවමත් ජීවතුන් අතර සිටීම ඉතා විශ්මිතයි,” ඇය පැවසුවාය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57