ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම තායිසේ සමාගමට ගෙවූ බිලියන 37ක් ගැන කෝප් හි දී අනාවරණයක්

අපේක්ෂිත 30% ක භෞතික ප්‍රගතියට සාපේක්ෂව 5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියකට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පෞද්ගලික) සමාගම (AASL) විසින් A පැකේජය වන මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත (Passenger Terminal Building & Associated works) ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා තායිසේ සමාගම (Taisei Corporation) වෙත රු. බිලියන 37ක මුදලක් ගෙවා තිබෙන බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී (කෝප්) අනාවරණය වුණා.

මේ පිළිබඳ අනාවරණය වුයේ සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍ය ණය මුල්‍යනය කිරීම පිළිබඳ අන්තර්කාලීන ප්‍රතිපත්තිය යන මැයෙන් මුදල් අමාත්‍යාංශය විසින් 2022 අප්‍රේල් 12 දිනැතිව නිකුත් කළ චක්‍රලේඛය හේතුවෙන් ව්‍යෘපෘතිය සඳහා ණය මුදලේ ණය වාරික මුදාහැරීම JICA ආයතනය විසින් අත්හිටුවා තිබු අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස කොන්ත්‍රාත්කරු, 2022 දෙසැම්බර් 09 දින ඉදිකිරීම් කටයුතු නවත්වා තිබු බවත්, ඒ හේතුවෙන් ඇති වූ අලාභය ද ඇතුළුව රු. බිලියන 37ක ගෙවීමක් සිදු කිරීමට සිදු වූ බවත් පැමිණ සිටි නිලධාරීන් පැවසුවා.

අවුරුදු 3ක කාල සීමාවක් සඳහා වූ ව්‍යාපෘතියක, කොන්ත්‍රාත් කාල සීමාවෙන් වසර දෙකක් අවසන්ව තිබියදී පවා 5.44% ක් පමණ වූ තත්‍ය ප්‍රගතියකට මෙතරම් මුදලක් තායිසේ සමාගමට ගෙවීම කෙතරම් සධාරණ ද යන්න පිළිබඳව කාරක සභාව ප්‍රශ්න කරනු ලැබුවා.

ඉදිකිරීම් කටයුතු නැවැත්වීමෙන් පසු ඉදිකිරීම්වලට සිදුවන හානිය අවම කිරීම සඳහා කොන්ත්‍රාත්තු තායිසේ සමාගම නොවන වෙනත් සමාගමකට ලබාදීමත්, එම කොන්ත්‍රාත්තු සඳහා රු. මිලියන 1,328.7 ක අමතර පිරිවැයක් දැරීමට සිදුවීම පිළිබඳවත් කෝප් කාරක සභාව දීර්ඝ වශයෙන් සකච්ඡාවට බඳුන් කෙරුණා.

උක්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නතර කිරීමෙන් පසු කොන්ත්‍රාත්කරු විසින් ව්‍යාපෘතියට අදාළව මිල දී ගත් ද්‍රව්‍ය හා උපකරණ AASL විසින් භාරගත යුතු අතර, ඒ තුළ වූ රු.මිලියන 1,550 ක් වටිනා ද්‍රව්‍ය හා උපකරණ ව්‍යාපෘතිය නතර කළ කොන්ත්‍රාත්කරුගේ දේශිය උප කොන්ත්‍රාත්කරුවන් සමග ගිවිසුම්ගතව ඔවුන් යටතේ පෞද්ගලික ගබඩාවල රඳවා තිබුණා.

ඊට අදාළව AASL හි සභාපතිවරයා විසින් කමිටු නවයක් පත් කර තිබු අතර, එකී කමිටු ඇගයීම් සහ නිර්දේශය අනුව, ඔවුන් සතු incinerator යන්ත්‍රය වෙනත් ගබඩා ස්ථානයකට ගෙන යාම මගින් මාසිකව රු. 392,904 ක් ඉතිරි කර ගත හැකි බව දන්වා තිබුණා.

එහෙත් එම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම මත 2023 මාර්තු සිට 2024 දෙසැම්බර් දක්වා සමාගමට රු. මිලියන 3.9 ක අමතර ගබඩා පිරිවැයක් දැරීමට සිදු වී තිබීම සම්බන්ධයෙන්ද කෝප් කාරක සභාවේ අවධානය යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?