ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම තායිසේ සමාගමට ගෙවූ බිලියන 37ක් ගැන කෝප් හි දී අනාවරණයක්

අපේක්ෂිත 30% ක භෞතික ප්‍රගතියට සාපේක්ෂව 5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියකට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පෞද්ගලික) සමාගම (AASL) විසින් A පැකේජය වන මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත (Passenger Terminal Building & Associated works) ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා තායිසේ සමාගම (Taisei Corporation) වෙත රු. බිලියන 37ක මුදලක් ගෙවා තිබෙන බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී (කෝප්) අනාවරණය වුණා.

මේ පිළිබඳ අනාවරණය වුයේ සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍ය ණය මුල්‍යනය කිරීම පිළිබඳ අන්තර්කාලීන ප්‍රතිපත්තිය යන මැයෙන් මුදල් අමාත්‍යාංශය විසින් 2022 අප්‍රේල් 12 දිනැතිව නිකුත් කළ චක්‍රලේඛය හේතුවෙන් ව්‍යෘපෘතිය සඳහා ණය මුදලේ ණය වාරික මුදාහැරීම JICA ආයතනය විසින් අත්හිටුවා තිබු අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස කොන්ත්‍රාත්කරු, 2022 දෙසැම්බර් 09 දින ඉදිකිරීම් කටයුතු නවත්වා තිබු බවත්, ඒ හේතුවෙන් ඇති වූ අලාභය ද ඇතුළුව රු. බිලියන 37ක ගෙවීමක් සිදු කිරීමට සිදු වූ බවත් පැමිණ සිටි නිලධාරීන් පැවසුවා.

අවුරුදු 3ක කාල සීමාවක් සඳහා වූ ව්‍යාපෘතියක, කොන්ත්‍රාත් කාල සීමාවෙන් වසර දෙකක් අවසන්ව තිබියදී පවා 5.44% ක් පමණ වූ තත්‍ය ප්‍රගතියකට මෙතරම් මුදලක් තායිසේ සමාගමට ගෙවීම කෙතරම් සධාරණ ද යන්න පිළිබඳව කාරක සභාව ප්‍රශ්න කරනු ලැබුවා.

ඉදිකිරීම් කටයුතු නැවැත්වීමෙන් පසු ඉදිකිරීම්වලට සිදුවන හානිය අවම කිරීම සඳහා කොන්ත්‍රාත්තු තායිසේ සමාගම නොවන වෙනත් සමාගමකට ලබාදීමත්, එම කොන්ත්‍රාත්තු සඳහා රු. මිලියන 1,328.7 ක අමතර පිරිවැයක් දැරීමට සිදුවීම පිළිබඳවත් කෝප් කාරක සභාව දීර්ඝ වශයෙන් සකච්ඡාවට බඳුන් කෙරුණා.

උක්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නතර කිරීමෙන් පසු කොන්ත්‍රාත්කරු විසින් ව්‍යාපෘතියට අදාළව මිල දී ගත් ද්‍රව්‍ය හා උපකරණ AASL විසින් භාරගත යුතු අතර, ඒ තුළ වූ රු.මිලියන 1,550 ක් වටිනා ද්‍රව්‍ය හා උපකරණ ව්‍යාපෘතිය නතර කළ කොන්ත්‍රාත්කරුගේ දේශිය උප කොන්ත්‍රාත්කරුවන් සමග ගිවිසුම්ගතව ඔවුන් යටතේ පෞද්ගලික ගබඩාවල රඳවා තිබුණා.

ඊට අදාළව AASL හි සභාපතිවරයා විසින් කමිටු නවයක් පත් කර තිබු අතර, එකී කමිටු ඇගයීම් සහ නිර්දේශය අනුව, ඔවුන් සතු incinerator යන්ත්‍රය වෙනත් ගබඩා ස්ථානයකට ගෙන යාම මගින් මාසිකව රු. 392,904 ක් ඉතිරි කර ගත හැකි බව දන්වා තිබුණා.

එහෙත් එම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම මත 2023 මාර්තු සිට 2024 දෙසැම්බර් දක්වා සමාගමට රු. මිලියන 3.9 ක අමතර ගබඩා පිරිවැයක් දැරීමට සිදු වී තිබීම සම්බන්ධයෙන්ද කෝප් කාරක සභාවේ අවධානය යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14