AFC Banner
AFC Banner
Empty Ad

ගුරු හිඟයට විසඳුම් ඉල්ලා සිසු සිසුවියන් උද්ඝෝෂණයක(ඡායාරූප)

බිබිල අධ්‍යාපන කලාපයට අයත් ගොඩිගමුව මුස්ලිම් විද්‍යාලයේ පවතින ගුරු හිඟයට විසඳුම් ඉල්ලමින් සිසු සිසුවියන් පාසලට හිඟ ගුරුවරුන් ලබාදෙන්නැයි ඉල්ලමින් කලාප කාර්යාලය වටකරමින් මාර්ගය අවහිරකරමින් අද (02) දින උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

පාසලේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගුරු හිඟයට විසඳුම් ඉල්ලමින් දරුවන් ඇතුලු දෙමාපියන් බැනර් පුවරු අතැතිව බිබිල කලාප කාර්යාලය වට කරමින් හා බිබිල මොනරාගල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැය 05 ක පමණ කාලයක් තිස්සේ විරෝධතාවයේ නිරත වී ඇති බව අප වාර්තාකරු පැවසුවා.

බිබිල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුසිල් විජේතිලකගෙන් මේ පිළිබඳව විමසු විට කියා සිටියේ දෙමාපියන් සමඟ සාකච්ජාවක් පවත්වා එම පාසලේ පවතින ගුරු හිඟයට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
6
+1
2
+1
7
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?