ගුරු විදුහල්පතිවරු අගමැතිනිය හමුවෙයි – වැටුප් වැඩිවීමක් ගැනත් ආරංචියක්

ඉදිරියේ දී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු දෙනාට අවස්ථාවක් ලබාදෙන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර ඊයේ (08) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේ දී ඇය මේ බව සඳහන් කළා.

ගුරු, විදුහල්පති සහ ගුරු උපදේශක සේවයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටළු පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරුණා.

මෙම සේවාවන්හි උසස්වීම්, වැටුප් විෂමතා, වෘත්තීය ගැටළු, ගුරු විදුහල්පති සේවයේ ස්ථාන මාරුවීම් නිසි පරිදි සිදුකිරීම, පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම හා මුදල් එකතු කිරීම, ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩුවලට බඳවා ගැනීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් හා පිරිවෙන් පද්ධතියේ පවතින ගැටළු සහගත තත්වයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.

අර්ධ රාජ්‍ය පාසල්වල සිදුකරන ගාස්තු අයකිරිම, පංතියක ළමුන් 35කට සීමා කිරීම, පංති ප්‍රමාණය සීමා කිරීම, ගුරු උපදේශක සේවයේ කඩඉම් විභාග පැවැත්වීම යන කරුණු කෙරෙහි ද මෙහිදී අවධානය යොමුව තිබුණා.

පාසල් සඳහා ළමුන් ඇතුළත් කර ගැනීමේදී පුරප්පාඩු නොමැතිව ළමුන් ඇතුළත් කර නොගැනීමට සහ ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මගින් ලිපි නිකුත් කිරීම් සිදුනොකිරීමට මේ වන විට ක්‍රියාකර ඇති බවත්, ගුරුවරුන් ඇතුළු සමස්ථ රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩිකිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කර සිටියා.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සහ අග්‍රාමාත්‍යවරිය අතර මාසිකව සාකච්ඡාවාරයක් පැවැත්වීම පිළිබඳව ද මෙහිදී අවදානය යොමුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10