AFC Banner
AFC Banner
Empty Ad

ගුරුවරියකට සහ ඇයගේ සැමියාට මරු කැඳවූ මාරක අනතුර

ස්ථාන මාරුවීමේ උත්සවයක් නිමා කරමින් යළි නිවෙස බලා පැමිණෙමින් සිටි එකම පවුලේ බිරිඳ හා සැමියා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ (25) පස්වරුවේ මෙම අනතුර සිදු ව ඇත්තේ අකුරැස්ස – සියඹලාගොඩ – පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධියේදියි.

මරණකරුවන් පිටබැද්දර – මෙදේරිපිටිය පාසලෙන් ස්ථාන මාරු වීමේ උත්සවයකට ගොස් යළි නිවෙස බලා යමින් සිටියදී පිටබැද්දර සිට අධික වේගයෙන් ධාවනය වූ සුඛෝපභෝගී වෑන් රියක් ඔවුන් ව යටකරගෙන ගොස් අසල තිබූ පස් කණ්ඩියක ගැටී නතර ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූ දෙදෙනා මාකඳුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මියගිය ගුරුවරිය 28 හැවිරිදි භාග්‍යා බොරලැස්ස හා ඇයගේ සැමියා ඉන්දික සම්පත් නම් අයෙක් බවයි වාර්තා වන්නේ.

අනතුර සිදු කළ සැකකරු මේ වනවිට පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවත් හෙතෙම ව්‍යාපාරිකයෙකු බවත් හෙළි ව තිබෙනවා.

මියගිය ගුරුවරියගේ දේහය අකුරැස්ස රෝහලට රැගෙන විත් තිබූ අතර ඇයගේ ස්වාමිපුරුෂයාගේ දේහය කරාපිටිය රෝහලට රැගෙන ගොස් තිබෙන බවයි අප දසත වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම මරණකාරිය ගැබිනි මවක් බවට ද හෙළි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
38
+1
3
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?