ගිරා සොරකම අසාර්ථකයි – දෙදෙනෙකු අත්අඩංගුවට

විකිණීම සඳහා ඇති කරමින් සිටි රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා මැකෝ වර්ගයට අයත් ගිරවුන් 06 දෙනෙකු සොරකම් කිරීමට ගිය කණ්ඩායමක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෝගමුව, නාරම්පොල ප්‍රදේශයේ නිවසක කූඩුවල දමා තිබූ, පැටවුන් අභිජනනය සඳහා යොදා ගන්නා මැකෝ වර්ගයට අයත් මව් සතුන් 06 දෙනෙකු සොරකම් කිරීම සඳහා මෙම සැකකරුවන් පිරිස ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම විශේෂිත ගිරව් ජෝඩුවක වෙළදපොළ වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වන බව සඳහන්.

සතුන් සොරකම් කිරීමට පැමිණ ඇති සැකකරුවන් හතර දෙනා මහනුවර, දිගන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හෙළිවී තිබෙනවා.

ගිරවුන් ඇති කළ ව්‍යාපාරිකයාගේ පියා රෝගාතුරව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු බැලීම සඳහා ව්‍යාපාරිකයා නිවස වසා දමා මව ද සමඟ රෝහලට ගොස් සිටි අවස්ථාවේදීයි සැකකරුවන් සත්ත්ව සොරකම සඳහා පැමිණ ඇත්තේ.

කූඩුවල අගුල් බිඳ දමා ඒවායෙහි සිටි ගිරවුන් 06 දෙනෙකු ගෝනි කිහිපයක දමා රැගෙන යාමට සූදානම් වෙමින් සිටියදී ව්‍යාපාරිකයාගේ මව රෝහලේ සිට නිවසට පැමිණ ඇති අතර සුරතල් ගිරවුන් ගෝනි තුළ බියට පත්ව කෑගසමින් සිටින බව දුටු ඇය සතුන් බේරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් යොදමින් ⁣සැකකරුවන් සමඟ පොර බදා තිබෙනවා.

මෙහි දී සැකකරුවන් ඇයට පිස්තෝලයක් පෙන්වා මරණ තර්ජන එල්ල කර ඇතත් ඉන් බියට පත් නොවූ ඇය ඔවුන් සමඟ දිගින් දිගටම පොර බදිමින් අසල්වාසීන්ගෙන් උදව් ඉල්ලීමෙන් ගිරවුන්ගේ සද්දයත් කාන්තාවගේ කෑගැසිල්ලත් ඇසුණු අසල්වැසියන් එම ස්ථානයට පැමිණෙන විටයි සැකකරුවන් සතුන් අතහැර පැමිණි යතුරු පැදිවලින් පළා ගොස් තිබෙන්නේ.

මව මෙම සිද්ධිය එම අවස්ථාවේදීම තම පුතුට දුරකථනයෙන් දැනුම්දී තිබූ අතර ඔහු නිවසට පැමිණෙන විට යතුරුපැදිවලින් පළා යන සැකකරුවන් දැක හඳුනාගෙන ඔවුන් පසුපස තම වෑන් රථයෙන් ලුහුබැඳ තිබෙනවා.

යග්ගපිටිය අධිවේගී මාර්ග පිවිසුම අසලදී වෑන් රථයෙන් එක් යතුරු පැදියක් හප්පා අනතුරට ලක් කර එහි ගමන් කළ සැකකරුවන් දෙදෙනෙකු අල්ලා ගැනීමට ව්‍යාපාරිකයා සමත්ව ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනා පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක් වීමෙන් සැකකරුවන් දෙදෙනාම තුවාල ලබා ඇති අතර එක් සැකකරුවෙකුගේ පාදයකට බරපතළ හානි සිදුව ඇති බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගෙන සිටින ඔවුන් දෙදෙනා පොලිස් ආරක්ෂාව සහිතව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔවුන්ගෙන් එක් සැකකරුවෙකු විදුලිබල මණ්ඩලයේ සේවකයෙකු බව අනාවරණය වී ඇති අතර ඔවුන් කොල්ලය සඳහා රැගෙනවිත් තිබූ පිස්තෝලය සෙල්ලම් එකක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකරුවන් වයඹ පළාත තුළ සිදුව ඇති සත්ත්ව සොරකම් රැසකටම සම්බන්ධ වූවන් බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණා.

බෝගමුව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48
Video thumbnail
සජිත් Team Work දන්න කෙනෙක් නෙවෙයි..මම හිතන්නේ නෑ සජිත් එකතුවෙයි කියලා..
03:45
Video thumbnail
මේක කැරකිලා ඇවිත් පොත අච්චු ග#පු මනුස්සයාට හිරේ යන්න වෙයි..අපි කවදාවත් ළමයින්ට මෙහෙම කළේ නෑ
02:09
Video thumbnail
පිල්ලෙයාන් සහ ඩග්ලස් යුද්ධය ඉවර කරන්න මහින්දට උදව් කළා - දෙන්නාම අද හිරේ
04:39
Video thumbnail
නව වසරේ නාමල්ට කතරගමදී වුණ දේ..
00:26
Video thumbnail
දළඳා මාළිගාවෙදි ජනපතිව මිනිස්සු වටකරගයි.."තව අවු:10ක් කරන්න ශක්තිය ලැබෙන්න ඕනි"
03:22
Video thumbnail
ගාල්ලේ වෙනස්ම විදියකට නව අවුරුදු උදාව සමරපු හැටි..රටටම සෙත් පතා ගාලු මහ බෝධිය අසළ කරපු දේ
01:26
Video thumbnail
මාව ජනාධිපති කරන්න කියලා ගිහින් වල්ලි අම්මගෙන් ඉල්ලපන්
00:48


?