ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන “ශාන් පුතා” නැමැත්තා මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමගින් මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේ අද (14) අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.
සැකකරුට ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු ද මේ සමඟ අත් අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා මාතර කොටුවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි අතරතුර දී එම ගිනි අවිය සොරාගෙන විත් සැකකාර රැප් ගීත ගායකයාට එම ගිනි අවිය ලබා දී ඇති බවත් පසුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා මන්නාරම පොලිස් කොට්ඨාශයේ රාජකාරී සදහා ස්ථාන මාරුවක් ලැබ ගොස් සිටිය දී මන්නාරම කොට්ඨශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන සිදුකල ප්‍රශ්න කිරීමේදී අදාළ ගිනි අවිය සම්බන්ධයෙන් ලද තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.