යාපනය, උරුම්පිරායි ප්‍රදේශයේදී පසුගිය 04 වැනිදා ගිනි ගෙන විනාශ වී තිබූ යතුරුපැදිය කිසියම් අපරාධයක් සඳහා යොදාගනු ලැබූ එකක් ද යන්න සොයා පරීක්ෂණ පවත්වන බව යාපනය පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ එලෙස ගිනි ගෙන විනාශ වී තිබූ යතුරුපැදිය පසුගියදා කන්කසන්තුරය ප්‍රදේශයෙන් සොරාගෙන ගිය යතුරුපැදියක් වන බවට තොරතුරු ලැබී ඇති බවයි.
මෙම යතුරුපැදිය සොරාගෙන ගොස් ඇති බවට එහි හිමිකරු විසින් මීට පෙර කන්කසන්තුරය පොලිසිය වෙත පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.
සොරාගත් යතුරුපැදිය යොදාගෙන පුද්ගලයෙකුට පහරදීමක් සිදු කර ඇති බවට වන තොරතුරක් සම්බන්ධයෙන් ද පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
සිද්ධිය සම්බන්ධයෙන් කන්කසන්තුරය සහ යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.