ධර්මපුරම්, විශ්වමඩු ප්‍රදේශයේ නිවසක් ගිනිගෙන මවක් සහ දියණියක් මියගොස් තිබේ.
ඊයේ (21) පස්වරුවේ අදාළ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 17 හැවිරිදි දියණියක බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය අද (22) සිදුකිරීමට නියමිත අතර ධර්මපුරම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




