Empty Ad
AFC Banner
AFC Banner

ගෑස් පිපුරුම් අස්සේ කාබනික පොහොර කෑන් පුපුරායි

ගොවීන්ට බෙදාහැරීම සඳහා පදවිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගබඩා කර තිබූ කාබනික දියර පොහොර අඩංගු ප්ලාස්ටික් කෑන් පුපුරා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.

පෞද්ගලික සමාගමක් නිෂ්පාදනය කරන ලද මෙම කාබනික දියර පොහොර ප්ලාස්ටික් ඇසුරුම් පදවිය ප්‍රදේශයේ ගොවීන්ට බෙදාහැරීම සඳහා පදවිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට ලැබී ඇත්තේ ඉකුත් 06 වැනිදාය.

කාබනික දියර පොහොර සහිත ලීටර් හතරේ කෑන් හයක් පුපුරා ගොස් ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

පදවිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් ඊයේ (08 වැනිදා) පෙරවරුවේ ගබඩාව විවෘත කළ අවස්ථාවේ කාබනික දියර පොහොර කෑන් හයක් පුපුරා ඇති අයුරු දැක ඇති බව තමන්ට දැනුම් දුන් බව ගොවිජන සේවා කොමසාරිස් ඒ.එච්.එම්.එල්.අබේරත්න පැවසුවේය.

මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවද,පරීක්ෂණ කටයුතු සඳහා මෙම කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන ලද සමාගමේ නියෝජිතයන්ටත්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්ටත් පැමිණෙන ලෙස දැනුම්දී ඇතැයිද ඔහු පැවසීය.

කාබනික දියර පොහොර නිසියාකාරව පදම්කර නොතිබීම නිසා මෙලෙස පුපුරා යන්නට ඇති බවත්, කාබනික දියර පොහොර සාමාන්‍යයෙන් පුපුරා නොයන බවත් කොමසාරිස්වරයා කියයි.

මේ සම්බන්ධව ජාතික පොහොර ලේකම් කාර්යාලය පියවරක් ගනු ඇතැයිද පැවසේ.

කාබනික දියර පොහොර ඇසුරුම් පුපුරා යෑම සම්බන්ධව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තමා දැනුවත් කර නොමැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ ඊයේ (08 වැනිදා) සවස කීවේය.

ජාතික පොහොර ලේකම් කාර්යාලය ගොවිජන සේවා මධ්‍යස්ථානවලට දැනුම්දී ඇත්තේ එම දියර පොහොර ගොවීන්ට බෙදාහරින ලෙස බවත්, ඇතැම් විට කාබනික පොහොර කෑන්වල පීඩනයත් සමග ගෑස් වැනි යමක් පිටවෙන බවට සැක කළ හැකි බවත් අධ්‍යක්ෂවරයා පැවසුවේය.

ගබඩා කිරීමේදී පවතින උෂ්ණත්වයත් සමග මෙවැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇතැයි ඔහු කියයි.

මෙම සිද්ධිය පිළිබඳව සොයා බලා කටයුතු කරන බවද,පරිසර හිතකාමී අයුරින් නිෂ්පාදනය කරන ලද මෙම කාබනික දියර පොහොර අඩංගු කෑන් පුපුරා ගියත් ඉන් හානියක් සිදු නොවන බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේය.

කාබනික දියර පොහොර අඩංගු කෑන් පුපුරා යෑම පිළිබඳව පදවිය පොලිසියද පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.

පදවිය ප්‍රදේශයේ නිවාස කීපයක තිබූ දියර පොහොර කෑන් කීපයක්ද පුපුරා තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පදවිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩබ්ලිව්.ඩබ්ලිව්.කුමාරසිරි සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩි පාට් දැම්ම මහා මොල් හිමියන්ට නලීන් හේවගේ සැරට අමතයි
02:07
Video thumbnail
නලීන් හේවගේ දිලිත් ජයවීර නැත්තට නැති කරයි #nalinhewage #dilithjayaweera
01:47
Video thumbnail
බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයන්ද සහභාගී වූ ගාල්ලේ නත්තල් දේව මෙහෙය
06:47
Video thumbnail
දේශපාලන පරමාර්ථ ඉෂ්ඨ කරගන්න මහින්ද රාජපක්ෂගේ ආරක්ෂවා අඩු කරන්න එපා
04:07
Video thumbnail
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි - හරවත් සිංදුවක් අහලත් ඉවරයි
02:09
Video thumbnail
තේරුමක් තියෙන සිංදු අහන්න පුළුවන් කලාකරුවන් නැතිවීම - අපිට ලොකු පාඩුවක්
01:10
Video thumbnail
ප්‍රියා සූරියසේනට අවසන් ගෞරව දක්වන්න සජිත් ප්‍රේමදාසත් පැමිණෙයි
03:08
Video thumbnail
SBගෙන් ආණ්ඩුවට ගුරුහරුකම් - මෙන්න රට කරන්න ඕන හරිම විදිය
08:12
Video thumbnail
Breaking News🛑බණ්ඩාරවෙලදී සිදුවුණු බිහිසුණු රිය අනතුර
02:54
Video thumbnail
උගණ්ඩාවේ සල්ලි දැන් අරන් වරකෝ - අපිලගේ සාදු ෆයර් වෙයි - කොට්ටහච්චිට හොඳවෑන් දෙසයි
05:08

?