AFC Banner
AFC Banner
Empty Ad

ගෑස් පිපිරීමේ සිදුවීම් තහවුරුයි නම් වන්දි දෙන්න සූදානම්

පසුගිය සමයේ ගෑස් පිපිරීම්වලට අදාළ සිදුවීම් තහවුරු වී ඇත්නම් අදාළ සියලුදෙනාට වන්දි ලබාදෙන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ තම සමාගමේ නිෂ්පාදනයකට අදාළව එවැනි සිදුවීමක් තහවුරු වී ඇත්නම් වන්දි ලබාදීමට කිසිසේත් නොපැකිළෙන බවයි.

රට පුරා පසුගිය කාලයේ සිදුවූ ගෑස් පිපිරීම් බවට පැවසූ සිදුවීම්වලදී ලිට්‍රෝ ගෑස් නිෂ්පාදනයේ දුර්වලතාවක් හේතුවෙන් කිසියම් අයෙකු අපදාවට පත්වූ බවට ඔප්පු වුවහොත් ඒ සඳහා වන්දි ලබාදෙන බවයි සභාපතිවරයා අවධාරණය කළේ.

ඒ වෙනුවෙන් සමාගම අනිවාර්යෙන් ඉදිරිපත් වන බව ද සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළා.

ලිට්‍රෝ සමාගමට ලෝක බැංකුවෙන් ලැබුණු රුපියල් බිලියන 26 ද ඇතුළුව සියලුම ණය ගෙවා මේ වන විට රුපියල් බිලියනයක පමණ ලාභයක් සහිත රාජ්‍ය ආයතනයක් බවට පත්ව ඇතැයි ද ලිට්‍රෝ සභාපතිවරයා පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් ජනවාරි මාසයේ සිට තම වැටුප ද ලබාගන්නා අතර එම වැටුප ද රුපියල් ලක්ෂයකට වඩා අඩු එකක් බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?