ගෑස් පිපිරීමේ සිදුවීම් තහවුරුයි නම් වන්දි දෙන්න සූදානම්

පසුගිය සමයේ ගෑස් පිපිරීම්වලට අදාළ සිදුවීම් තහවුරු වී ඇත්නම් අදාළ සියලුදෙනාට වන්දි ලබාදෙන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ තම සමාගමේ නිෂ්පාදනයකට අදාළව එවැනි සිදුවීමක් තහවුරු වී ඇත්නම් වන්දි ලබාදීමට කිසිසේත් නොපැකිළෙන බවයි.

රට පුරා පසුගිය කාලයේ සිදුවූ ගෑස් පිපිරීම් බවට පැවසූ සිදුවීම්වලදී ලිට්‍රෝ ගෑස් නිෂ්පාදනයේ දුර්වලතාවක් හේතුවෙන් කිසියම් අයෙකු අපදාවට පත්වූ බවට ඔප්පු වුවහොත් ඒ සඳහා වන්දි ලබාදෙන බවයි සභාපතිවරයා අවධාරණය කළේ.

ඒ වෙනුවෙන් සමාගම අනිවාර්යෙන් ඉදිරිපත් වන බව ද සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළා.

ලිට්‍රෝ සමාගමට ලෝක බැංකුවෙන් ලැබුණු රුපියල් බිලියන 26 ද ඇතුළුව සියලුම ණය ගෙවා මේ වන විට රුපියල් බිලියනයක පමණ ලාභයක් සහිත රාජ්‍ය ආයතනයක් බවට පත්ව ඇතැයි ද ලිට්‍රෝ සභාපතිවරයා පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් ජනවාරි මාසයේ සිට තම වැටුප ද ලබාගන්නා අතර එම වැටුප ද රුපියල් ලක්ෂයකට වඩා අඩු එකක් බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14