AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් නිසා තංගල්ලේ තවත් විශාල විනාශයක්

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ (දෙසැ.6) අලුයම 12.30ට පමණ ගිනිගෙන විනාශ වී තිබේ.

මෙම ධීවර යාත්‍රාව ඉකුත් 4 වන දා වරායට පැමිණ ඇති අතර ධීවර යාත්‍රාව තුළ තිබූ ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් එමගින් ගින්නක් හටගෙන ඇතැයි ධීවරයෝ පවසති.

මෙලෙස ගිනිගෙන විනාශ වී ඇත්තේ, කුඩාවැල්ල ධීවර වරායට අයත් “ජයනෙතු නෙතූෂ” නම් බහුදින ධීවර යාත්‍රාවක් බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

එම ධීවර යාත්‍රාවේ ගින්න පැතිරීමෙන් අසල තිබූ තවත් බහුදින ධීවර යාත්‍රාවකට හානි සිදු වී තිබේ.

ගින්න හටගන්නා අවස්ථාවේදී යාත්‍රාවේ මුරකරු එහි සිට ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ, හිස් ගෑස් සිලින්ඩර දෙකක් සහ අඩක් පමණක් ගෑස් තිබූ සිලින්ඩරයක් එම යාත්‍රාව තුළ තිබූ බව ය.

තමන් යාත්‍රාව පිරිසිදු කරමින් සිටියදී ගෑස් සිලින්ඩරයක් එකවර ම පුපුරා ගිය බවද ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

කුඩාවැල්ල ධීවර වරායේ ධීවරයන් සහ තංගල්ල නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් ගින්න නිවා දැමීමට කටයුතු කළ ද ගින්නෙන් යාත්‍රාවට දැඩි ලෙස හානි සිදු වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?