ගෑස් ඉල්ලා ප්‍රදේශ කිහිපයක මාර්ග අවහිර කරමින් ජනතාව විරෝධතාවල නිරත වනවා දැක ගැනිමට පුළුවන්.
අදත් (14) මෙලෙස මාර්ග කිහිපයකම විරෝධතා දක්නට ලැබුණා.කොම්පඤ්ඤවීදිය පොලීසිය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් මේ වනවිට පිරිසක් ගෑස් ඉල්ලමින් විරෝධතාවයක් ආරම්භ කර ඇති බව අප වාර්තා කරු පැවසුවා.ඒ හේතුවෙන් කොටුව දෙසට මාර්ගය අවහිරවී ඇතැයි වාර්තා වනවා.
මේ අතර ගෑස් ඉල්ලා හයිලෙවල් මාර්ගය නාවින්න මංසන්ධියෙන් අවහිර කරමින් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.විරෝධතාව හේතුවෙන් පැය 2ක් පමණ නාවින්න මංසන්ධියන් මාර්ගය වසාදැමීමට සිදුවූ අතර පසුව යුද හමුදා නිලධාරීන් පැමිණ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පියවර ගත්තා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1














