ගැබිණි කතක් සමග ප්‍රපාතයකට ලොරියක් පෙරළෙයි (ඡායාරූප)

නතර කර තිබූ ලොරි රථයක් ගැබිණි කාන්තාවක් සමග ප්‍රපාතයකට පෙරළීමෙන් එම කාන්තාව තුවාල ලබා දික් ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අනතුර අද (05) දහවල් සිදු ව ඇත්තේ හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය මුලික රෝහල ආසන්නයේ දි බවයි.

නතර කර තිබු ලොරි රථය ගැබිණි කාන්තාව සමග මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් අඩි 20ක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී ගැබිණි කාන්තාව අසුන් ගෙන සිට ඇත්තේ ලොරියෙහි ඉදිරිපස අසුනේ යි.

ගැබිණි කාන්තාව සායන කටයුතු සඳහා ලොරි රථයෙන් ඇයගේ සැමියා විසින් රෝහල වෙත රැගෙනවිත් සායන කටයුතු අවසන් වීමෙන් පසු ලොරි රථය නතර කර තිබු ස්ථානයට ගොස් ගැබිණි කාන්තාව ලොරි රථයේ අසුන් ගැනීමත් සමග එය ධාවනය වී තිබෙනවා.

ඒ රියදුරු රථයට ගොඩවීමටත් පෙරයි.

නෝර්වුඩ් පොලිසිය පැවසුවේ රියදුරු ලොරි රථයේ අත් තිරිංගය ක්‍රියා නොකිරීම නිසා මෙම අනතුර සිදු ව ඇති බවයි.

අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.

01 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?