ගැබිණි කතක් සමග ප්‍රපාතයකට ලොරියක් පෙරළෙයි (ඡායාරූප)

නතර කර තිබූ ලොරි රථයක් ගැබිණි කාන්තාවක් සමග ප්‍රපාතයකට පෙරළීමෙන් එම කාන්තාව තුවාල ලබා දික් ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අනතුර අද (05) දහවල් සිදු ව ඇත්තේ හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය මුලික රෝහල ආසන්නයේ දි බවයි.

නතර කර තිබු ලොරි රථය ගැබිණි කාන්තාව සමග මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් අඩි 20ක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී ගැබිණි කාන්තාව අසුන් ගෙන සිට ඇත්තේ ලොරියෙහි ඉදිරිපස අසුනේ යි.

ගැබිණි කාන්තාව සායන කටයුතු සඳහා ලොරි රථයෙන් ඇයගේ සැමියා විසින් රෝහල වෙත රැගෙනවිත් සායන කටයුතු අවසන් වීමෙන් පසු ලොරි රථය නතර කර තිබු ස්ථානයට ගොස් ගැබිණි කාන්තාව ලොරි රථයේ අසුන් ගැනීමත් සමග එය ධාවනය වී තිබෙනවා.

ඒ රියදුරු රථයට ගොඩවීමටත් පෙරයි.

නෝර්වුඩ් පොලිසිය පැවසුවේ රියදුරු ලොරි රථයේ අත් තිරිංගය ක්‍රියා නොකිරීම නිසා මෙම අනතුර සිදු ව ඇති බවයි.

අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.

01 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03