ගැටලු විසඳා දෙනවා නම් “අස්වැසුම”ට මැදිහත්වීමට සූදානම් – ග්‍රාම නිලධාරී සංගම් කියයි

සේවා ව්‍යවස්ථා ගැටලුව විසඳා දෙන්නේ නම් “අස්වැසුම” සුභසාධක ප්‍රතිලාභ සම්බන්ධ ගැටලුවට මැදිහත් වීමට සූදානම් බව ග්‍රාම නිලධාරී සංගම් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

ග්‍රාම නිලධාරී සංගම් මේ පිළිබඳ පැවසුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

ග්‍රාම නිලධාරී සංගම් සමග අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම මෙම කාරක සභාවේදී සිදු වූ අතර මෙහිදී ග්‍රාම නිලධාරී සංගම් පෙන්වා දුන්නේ “අස්වැසුම” සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අභියාචනා සම්න්ධයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් නොමැති බවයි.

මේ පිළිබඳ රාජකාරීවලින් සමෘද්ධි නිලධාරීන් ඉවත් වීමෙන් පසු ග්‍රාම නිලධාරීන් වෙත පීඩනය ලබාදීම සුදුසු නොමැති බව ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

විශේෂයෙන්ම මේ වන විට “අස්වැසුම” සම්බන්ධයෙන් අභියාචනා ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් ලැබී ඇති පසුබිමක ග්‍රාමනිලධාරීන් මැදිහත්වී මෙම කාර්ය සිදු කිරීම නුසුදුසු බවටයි ග්‍රාම නිලධාරී සංගම්වල අදහස වී ඇත්තේ.

සමෘද්ධිය කපා දැමුවේය යන චෝදනාව ජනතාවගෙන් තමන් වෙත ලබාගැනීමට සූදානම් නැති බව ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

එලෙස මැදිහත් වුවහොත් තම ග්‍රාමසේවා වසම්වල ජනතාව තමන් සමග වෛර බැඳගැනීමට සූදානම් වනු ඇති බවයි ග්‍රාම නිලධාරී සංගම් සඳහන් කළේ.

ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින අතර මේ වන විට සේවා ව්‍යවස්ථාවක කෙටුම්පතක් සකස් කර සාකච්ඡා කිහිපයක්ම සිදු කර ඇති බවත් ග්‍රාම නිලධාරී සංගම් පෙන්වා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටියේ.

මේ අනුව සේවා ව්‍යවස්ථාව සම්බන්ධ ගැටලුව විසඳා දෙන්නේ නම් අස්වැසුම වැඩසටහනට අදාළ කටයුතු වෙනුවෙන් සම්බන්ධ වන්නේ දැයි මෙම කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා විමසා සිටි අතර එහිදී ඔවුන් සඳහන් කළේ ඒ වෙනුවෙන් එකඟ වන බවයි.

මේ අනුව ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව සැකසීමේ කටයුතු කඩිනම් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත දැනුම්දීමට කටයුතු කරන බවත් මෙහිදී සභාපතිවරයා සඳහන් කළා.

එසේම අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමය යටතේ රාජකාරිය ඉටු කිරීමට ග්‍රාම නිලධාරීන් බලාත්මක කිරීමේ ලිපියක් නිකුත් කරන ලෙසත් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයට දැනුවත් කිරීම සිදු කර තිබෙනවා.

තවද ගෘහමූලික ලැයිස්තු සඳහා දත්ත වේදිකාවක් සකස් කිරීම මගින් අවශ්‍ය තොරතුරු එම දත්ත වේදිකාව හරහා ලබාගැනීමේ හැකියාව සොයා බලන ලෙසටයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත දැනුම් දෙනු ලැබුවේ.

එසේම 2002 අංක 24 දරන සුභසාධක ප්‍රතිලාභ පනත මගින් දඩුවම් දීමේ ක්‍රමයක් පිළිබඳ සඳහන් වන බවත් මේ සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතින බවත් ග්‍රාම නිලධාරී සංගම් පෙන්වා දෙනු ලැබුවා.

ඒ අනුව දඩුවම්දීම සම්බන්ධයෙන් වන ගැටලුවට නීතිමය වශයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන බවයි කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේ.

තවද අස්වැසුම ලබා ගැනීමට සුදුසුකම් ලැබූ ලක්ෂ 08 ජනතාවක් සිටින බවත්, තවත් ලක්ෂ 12 පමණ පිරිසකට අස්වැසුම සහනාධාරය ලබාදීමට හැකි බවත් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
7
+1
3
+1
0
+1
3
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?