AFC Banner
Empty Ad
Empty Ad

ගාසා තීරයේ මුස්ලිම් පල්ලියකට සහ පාසලකට ඊශ්‍රායල ප්‍රහාර

ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ; ප්‍රදේශය මධ්‍යයේ පිහිටි මුස්ලිම් පල්ලියකට සහ පාසලකට අවතැන් වූ පලස්තීනුවන් වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇති ඇති බවයි.

අද (06) අලුයම ඩීර් අල්-බාලාහි ඉබ්න් රුෂ්ඩ් පාසලට සහ අල්-අක්සා මාටියර්ස් පල්ලියට පහරදීම හේතුවෙන් විශාල ප්‍රමාණයක් තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශකර ඇත්තේ; “අණ සහ පාලන” මධ්‍යස්ථාන තුළ ක්‍රියාත්මක වන හමාස් සටන්කාමීන් ඉලක්ක කර ඇති බවයි.

උතුරු ගාසා තීරයේ, ඊශ්‍රායල හමුදා ජබාලියා ප්‍රදේශය වට කළේ එය යළි ගොඩනැගීමට හමාස් දරණ උත්සාහයට ප්‍රතිචාරයක් වශයෙන් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?