ග්ලෙන් පිලිප්ස්ට IPL අහිමිවෙයි

නවසීලන්ත සුපිරි ක්‍රීඩක ග්ලෙන් පිලිප්ස්ට අයි.පී.එල් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ පිලිප්ස් තරගාවලියෙන් ඉවත්ව මේ වනවිටත් නවසීලන්තය බලා පිටව ගොස් ඇති බවයි.

ඉකිලියේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙලෙස අයි.පී.එල් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කළ පිලිප්ස් පසුගිය 06 වනදා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ පැවති තරගයේ පන්දු රකිමින් සිටිය දී ඉකිලි ආබාධයකට ලක් වුණා.

මේ වනවිට තරඟ පහක් ක්‍රීඩාකර ජයග්‍රහණ හතරක් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින ගුජරාට් කණ්ඩායම පිලිප්ස් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් තවමත් නම් කර නැහැ.

මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ සිටින ප්‍රබලතම පන්දු රකින්නෙන් වන ග්ලෙන් පිලිප්ස් ගුජරාට් කණ්ඩායමට අහිමිවීම විශාල පාඩුවක් බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
8
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?