ග්ලෙන් පිලිප්ස්ට IPL අහිමිවෙයි

නවසීලන්ත සුපිරි ක්‍රීඩක ග්ලෙන් පිලිප්ස්ට අයි.පී.එල් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ පිලිප්ස් තරගාවලියෙන් ඉවත්ව මේ වනවිටත් නවසීලන්තය බලා පිටව ගොස් ඇති බවයි.

ඉකිලියේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙලෙස අයි.පී.එල් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කළ පිලිප්ස් පසුගිය 06 වනදා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ පැවති තරගයේ පන්දු රකිමින් සිටිය දී ඉකිලි ආබාධයකට ලක් වුණා.

මේ වනවිට තරඟ පහක් ක්‍රීඩාකර ජයග්‍රහණ හතරක් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින ගුජරාට් කණ්ඩායම පිලිප්ස් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් තවමත් නම් කර නැහැ.

මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ සිටින ප්‍රබලතම පන්දු රකින්නෙන් වන ග්ලෙන් පිලිප්ස් ගුජරාට් කණ්ඩායමට අහිමිවීම විශාල පාඩුවක් බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14