ගව මස් හා එළුමස් ප්‍රවාහනය තාවකාලිකව නවත්වන ලෙස ජනපති නියෝග කරයි

උතුරු සහ නැගෙනහිර පළාත්වල පැවති අධික සීතල නිසා සතුන් හදිසියේ මිය යාම හේතුවෙන් මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත.