ගව ජාවාරමේ නිරත වූ කල්ලියක 3ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කරුවකු වන කොස්ගොඩ තාරකගේ සමීපතමයකු බවට හඳුන්වා දෙමින් යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළෙකු මෙහෙය වූ ගවයින් සොරාගැනීමේ කල්ලියක සාමාජිකයින් 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් ගව සොරකමට යොදාගත් මෝටර් රථයක්, ත්‍රීරෝද රථයක්, කඩුවක්, අංක තහඩු කිහිපයක්, ගවයින් ඇල්ලීමට යොදාගත් සුදු යකඩෙන් තනන ලද උපකරණයක් ද සමග කඹයක් ද සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරුවන් අතර දේවාලයක් පවත්වාගෙන යන කපුවෙකු ද සිටින බව සඳහන්.

හොරණ පොලිසියේ සැරයන්වරයෙකුට අයත් රුපියල් ලක්ෂ 14ක් පමණ වටිනා ගවයින් තිදෙනකු සොරාගෙන යාම සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අඟුරුවාතොට පොලිසියට කරන ලද නියෝගයක් අනුවයි මෙම සංවිධානාත්මක  කල්ලියේ සාමාජිකයන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාර කපුවා මෝටර් රථයක් සමඟ  බැල්ලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවේදී එහි කාපට් එක යට සඟවා තිබී කඩුවක් සොයා ගැනුණා.

ඒ සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සැකකරු හෙළි කර ඇත්තේ තොවිල් කටයුතුවලට යන මුවාවෙන් අනෙකුත් සැකකරුවන් සමග රාත්‍රී කාලයේ දී විවිධ ප්‍රදේශවල සැරිසරමින් ගවයින් 40කට ආසන්න ප්‍රමාණයක් සොරාගත් බවටයි.

අනාවරණය වූ තොරතුරු අනුව ගව ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු වැලිපැන්න සහ බදුරලිය ප්‍රදේශවල දී ත්‍රීරෝද රථයක්, ව්‍යාජ අංක තහඩු සහ ගවයන් ඇල්ලීමට යොදා ගන්නා විශේෂිත වූ කඹයක් සමග අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සංවිධානාත්මක කල්ලිය මෙහෙයවන මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ විශේෂ බලකායේ හිටපු සෙබළා ගව සොරකම සඳහා යොදාගත් ලොරියක් සමග ප්‍රදේශය හැර පළා ගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරුවන් සොරාගත් සියලුම ගවයින් අලුත්ගම දර්ගා නගරයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කළ බවට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණ වී තිබෙනවා.

යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබළා සමග මෙම කල්ලියට සම්බන්ධ තවත් කීප දෙනෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44