AFC Banner
AFC Banner
Empty Ad

ගල් පෙරලීමේ අවදානම නිසා මාර්ගයක් වැසේ

අධික වර්ෂාවත් සමග ගල් පෙරලීමේ අවදානම මත කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල විකල්ප මාර්ගය නැවත දැනුම් දෙන තෙක් වසා දමා තිබෙනවා.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඉල්ලීම මත කෑගල්ල පොලිසියේ රථවාහන අංශය මගිනුයි කෑගල්ල විකල්ප මාර්ගය මේ වන විට වසා ඇත්තේ.

මේ අතර හල්දුම්මුල්ල සහ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවිම් ද නිකුත් කර තිබෙනවා.

එම අනතුරු ඇගවීම් හෙට (30) පස්වරු 2.30 දක්වා බල පැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

පසුගිය පැය 24 තුළ එම ප්‍රදේශවලට මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

වර්ෂාව තවදුරටත් පවතී නම් නාය යෑම, බෑවුම් කඩා වැටීම, ගල් පෙරළිම, පස් කණ්ඩි කඩා වැටීම සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?