ගල් පෙරලීමේ අවදානම නිසා මාර්ගයක් වැසේ

අධික වර්ෂාවත් සමග ගල් පෙරලීමේ අවදානම මත කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල විකල්ප මාර්ගය නැවත දැනුම් දෙන තෙක් වසා දමා තිබෙනවා.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඉල්ලීම මත කෑගල්ල පොලිසියේ රථවාහන අංශය මගිනුයි කෑගල්ල විකල්ප මාර්ගය මේ වන විට වසා ඇත්තේ.

මේ අතර හල්දුම්මුල්ල සහ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවිම් ද නිකුත් කර තිබෙනවා.

එම අනතුරු ඇගවීම් හෙට (30) පස්වරු 2.30 දක්වා බල පැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

පසුගිය පැය 24 තුළ එම ප්‍රදේශවලට මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

වර්ෂාව තවදුරටත් පවතී නම් නාය යෑම, බෑවුම් කඩා වැටීම, ගල් පෙරළිම, පස් කණ්ඩි කඩා වැටීම සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56