මොණරාගල – දොඹගහවෙල පොලිස් බල ප්‍රදේශයට අයත් නුගගහකිවුල ප්‍රදේශයේ කැලෑ බද ස්ථානයක ගල් ගුහාවක තිබී ඝාතනය කර සඟවා තිබූ කාන්තාවකගේ මළසිරුරක් සොයා ගෙන තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, එම ප්‍රදේශයේ කාන්තාවක් අතුරුදන් ව ඇති බවට දොඹගහවෙල පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සිදු කළ සොයා බැලීමක දී මෙම මළ සිරුර හමු වූ බවයි.
මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 52ක අවිවාහක කාන්තාවක්.
මළසිරුර සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සියඹලාණ්ඩුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කරනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.
දොඹගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
6
+1
1
+1





