ගල් ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශ වලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් අම්පාර, ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාවය මේ වන විට ජලාශයේ රඳවාගත හැකි උපරිම ජල ධාරිතාව දක්වා ලඟා වෙමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එමෙන්ම එම ප්‍රදේශයට පසුගිය පැය 24 තුළ ලැබුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් ගල් ඔය ගඟෙහි සේනානායක සමුද්‍රයට පහළ ප්‍රදේශය ගංවතුර තත්ත්වයකට ළඟා වී ඇති අතර ඉදිරියේදී සේනානායක සමුද්‍රයේ පිටවාන් දොරටු ද විවෘත කිරීමට සිදු විය හැකි බැවින් ගල් ඔය ගඟෙහි ජල මට්ටම තවත් ඉහල යන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
එබැවින් ගංවතුර නිසා සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගල් ඔය නිම්නයෙහි පහල ප්‍රදේශවල වෙසෙන මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
විශේෂයෙන් දමන, අම්පාර, එරගම, අඩ්ඩ ලච්චේනායි, සමන්තුරෙයි, නින්දවුර්, කරතිව්, සයින්දමරුදු, කල්මුනේ, නවිතන්වැලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල සහ ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාල පරිශ්‍රය ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන රථ වාහන රියදුරන් සහ මගින් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනු ලබන්නේ.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශවලිනුත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.















