ගල් ඔය නිම්නයෙහි පහල ප්‍රදේශවල ජනතාවට ගංවතුර අනතරු ඇඟවීම්

ගල් ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශ වලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් අම්පාර, ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාවය මේ වන විට ජලාශයේ රඳවාගත හැකි උපරිම ජල ධාරිතාව දක්වා ලඟා වෙමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එමෙන්ම එම ප්‍රදේශයට පසුගිය පැය 24 තුළ ලැබුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් ගල් ඔය ගඟෙහි සේනානායක සමුද්‍රයට පහළ ප්‍රදේශය ගංවතුර තත්ත්වයකට ළඟා වී ඇති අතර ඉදිරියේදී සේනානායක සමුද්‍රයේ පිටවාන් දොරටු ද විවෘත කිරීමට සිදු විය හැකි බැවින් ගල් ඔය ගඟෙහි ජල මට්ටම තවත් ඉහල යන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එබැවින් ගංවතුර නිසා සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගල් ඔය නිම්නයෙහි පහල ප්‍රදේශවල වෙසෙන මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

විශේෂයෙන් දමන, අම්පාර, එරගම, අඩ්ඩ ලච්චේනායි, සමන්තුරෙයි, නින්දවුර්, කරතිව්, සයින්දමරුදු, කල්මුනේ, නවිතන්වැලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල සහ ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාල පරිශ්‍රය ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන රථ වාහන රියදුරන් සහ මගින් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනු ලබන්නේ.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශවලිනුත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
03:37
Video thumbnail
"තෙල් ගණන් ගිය එකට කමක් නෑ..මේකට ආණ්ඩුවට දොස් කියන්න බෑ"ඉන්ධන වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ
01:26
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල රතු කට්ට පනියි..ආණ්ඩුව සහ CPC එක වග කියන්න ඕනි
09:20
Video thumbnail
මේ වගේ අය එක්ක කොහොමද රටවල් හදන්නේ ? Colour Light එකේ රතු පත්තුවෙලා තියෙනවා දැක දැක යන හැටි..?
00:57
Video thumbnail
ජනපති මේ කළේ බරපතළ වරදක්..මේ වන්චනිකයින් දැන් ඉන්න ඕනි හිරේ
04:21
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15