ගල්නෑව සිද්ධියට තවත් සැකකරුවකු හා සුඛෝපබෝගී වෑන් රියක් පොලිස් භාරයට

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ බව පවසමින් ඉකුත් දා පොලිස් හා පොලිස් විශේෂ කාර්‍යය බලකා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී ගල්නෑව – පත්තිනිගම ප්‍රදේශයේ නිවසකට ඇතුල් වී අපරාධයක් සිදු කිරීමට තැත් කළ අපරාධ කණ්ඩායමට අයත් තවත් සාමාජිකයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු සන්තකයේ තිබී වෑන් රථයක් ද සමගින්.

ගල්නෑව පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ කුරුණෑගල – මාවතගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

ගල්නෑව පොලිස් විශේෂ කාර්යාංශයේ හා කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරු අනුව එම සැකකරු හා අදාළ වෑන් රථය මාවතගම ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේ තිබියදී සොයා ගැනුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් 06 වන සැකකරු මොහු වන අතර එම වෑන් රථය ද සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති තුන්වැනි රථය ද වනවා.

පොලිස් හා විශේෂ කාර්ය බලකා නිල ඇඳුමෙන් සැරසී ගත් මෙම සංවිධානාත්මක කල්ලිය මෙහෙයවා ඇති බව කියන අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවට ඇතැම් අවස්ථාවල දී සැකකරු මෙම වෑන් රථයෙන් ගමන් පහසුකම් සපයා ඇති බවට ද සිද්ධිය සිදු වූ දිනයේ සැකකරුවන් වෙස්වලා ගත් බව කියන ගල්නෑව – බුල්නෑව ප්‍රදේශයේ පිහිටි නිවසක් වෙත සැකකරු මෙම වෑන් රථයෙන් පැමිණ ඇති බවට ද පොලිසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරු අද (10) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මින් පෙර පොලිස් අත්අඩංගුවට ගෙන ගැනුණ කාන්තාවක් ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු ද ඉකුත් දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21