ගල්නෑව සිද්ධියට තවත් සැකකරුවකු හා සුඛෝපබෝගී වෑන් රියක් පොලිස් භාරයට

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ බව පවසමින් ඉකුත් දා පොලිස් හා පොලිස් විශේෂ කාර්‍යය බලකා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී ගල්නෑව – පත්තිනිගම ප්‍රදේශයේ නිවසකට ඇතුල් වී අපරාධයක් සිදු කිරීමට තැත් කළ අපරාධ කණ්ඩායමට අයත් තවත් සාමාජිකයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු සන්තකයේ තිබී වෑන් රථයක් ද සමගින්.

ගල්නෑව පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ කුරුණෑගල – මාවතගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

ගල්නෑව පොලිස් විශේෂ කාර්යාංශයේ හා කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරු අනුව එම සැකකරු හා අදාළ වෑන් රථය මාවතගම ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේ තිබියදී සොයා ගැනුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් 06 වන සැකකරු මොහු වන අතර එම වෑන් රථය ද සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති තුන්වැනි රථය ද වනවා.

පොලිස් හා විශේෂ කාර්ය බලකා නිල ඇඳුමෙන් සැරසී ගත් මෙම සංවිධානාත්මක කල්ලිය මෙහෙයවා ඇති බව කියන අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවට ඇතැම් අවස්ථාවල දී සැකකරු මෙම වෑන් රථයෙන් ගමන් පහසුකම් සපයා ඇති බවට ද සිද්ධිය සිදු වූ දිනයේ සැකකරුවන් වෙස්වලා ගත් බව කියන ගල්නෑව – බුල්නෑව ප්‍රදේශයේ පිහිටි නිවසක් වෙත සැකකරු මෙම වෑන් රථයෙන් පැමිණ ඇති බවට ද පොලිසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරු අද (10) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මින් පෙර පොලිස් අත්අඩංගුවට ගෙන ගැනුණ කාන්තාවක් ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු ද ඉකුත් දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?