AFC Banner
AFC Banner
Empty Ad

ගල්කිස්ස වෙරළේ දිය නාමින් සිටි ළමයෙක් අතුරුදන්

ගල්කිස්ස වෙරළ තීරයේ දිය නෑමට ගිය ළමයෙක් ඊයේ (16) පස්වරුවේ දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇති ළමයා වයස අවුරුදු 16 ක් වන ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

මෙම ළමයා සිය දෙමාපියන්ට දන්වා මිතුරන් පිරිසක් සමඟ ගල්කිස්ස වෙරළ තීරයේ දිය නෑමට ගොස් සිටිය දී මෙලෙස මුහුදේ ගසාගෙන ගොස් ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව අතුරුදහන් වූ ළමයා සෙවීමේ කටයතුවල නිරතව සිටින අතර; ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?