ගල්කිස්ස උසාවියේ සිද්ධියේ ලෝයර් ගැනත් විමර්ශන අරඹයි

ගල්කිස්ස අධිකරණ භූමියේ දී නීතීඥවරයෙකුට පොලිස් නිලධාරියෙකු පහරදුන් බවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන අරඹා ඇති පොලිසිය පවසනවා.

ඒ, අනුව පහරදීමට සම්බන්ධ බව කියන පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (13) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ නීතීඥවරයා සමඟ පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු එම සිදුවීමට පාදක වූ පොලිස් නිලධාරියා හට බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධව ගල්කිස්ස පොලිසිය මගින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි පොලිසිය නිවේදනය කළේ.

ඒ, අනුව සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට නීතීඥවරයා විසින් බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑම නිරීක්ෂණය වන වීඩියෝ දර්ශන ඇතුලත් සී.ඩී තැටියක් ඉදිරි විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ භූමියේ සිටි පුද්ගලයින් කීපදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගත බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 10 වනදා ගල්කිස්ස අධිකරණ භූමියෙන් නීතීඥවරයෙකුගේ මෝටර් රථයක් පිටතට ගැනීමේ දී මෙම පහරදීමේ සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
10
+1
1
+1
4
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන්දි මුදල් සොයා බැලීමට ගිය ගොවියෝ - නිලධාරීන් අතර උණුසුම් තත්වයක්..සත පහක්වත් නෑ..බොරු කියන්න එපා
13:11
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආ ජනපතිව වැළඳගෙන දුව සංවේදී වෙයි
01:42
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
00:53
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
01:18
Video thumbnail
පොළොන්නරුවේ ටී.බී.සරත් විසින් ඇලහැර අමුණ විවෘත කරන හැටි..මිනිස්සු වටවෙලා බලන් ඉන්නේ
01:58
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
02:18
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
01:21
Video thumbnail
රටේ අප්සට් එක ගැන කතා කරන මාධ්‍යයත් අප්සට්..ලාල්කාන්ත ලෙසටම කිව්ව දේ
17:01
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:05


?