ගල්කිස්ස උසාවියේ සිද්ධියේ ලෝයර් ගැනත් විමර්ශන අරඹයි

ගල්කිස්ස අධිකරණ භූමියේ දී නීතීඥවරයෙකුට පොලිස් නිලධාරියෙකු පහරදුන් බවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන අරඹා ඇති පොලිසිය පවසනවා.

ඒ, අනුව පහරදීමට සම්බන්ධ බව කියන පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (13) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ නීතීඥවරයා සමඟ පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු එම සිදුවීමට පාදක වූ පොලිස් නිලධාරියා හට බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධව ගල්කිස්ස පොලිසිය මගින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි පොලිසිය නිවේදනය කළේ.

ඒ, අනුව සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට නීතීඥවරයා විසින් බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑම නිරීක්ෂණය වන වීඩියෝ දර්ශන ඇතුලත් සී.ඩී තැටියක් ඉදිරි විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ භූමියේ සිටි පුද්ගලයින් කීපදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගත බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 10 වනදා ගල්කිස්ස අධිකරණ භූමියෙන් නීතීඥවරයෙකුගේ මෝටර් රථයක් පිටතට ගැනීමේ දී මෙම පහරදීමේ සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26
Video thumbnail
ගමනාගමන කොමිසමේ හිටපු සභාපතිව උසාවියට රැගෙන ගිය හැටි මෙන්න
00:54
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40