ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අධිචෝදනා ගොනු කෙරේ

බොදු බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤවීදය නිපොන් හෝටලයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් අදහස් දැක්වූ බවට එහි මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිචෝදනා ගොනු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (11) කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවේ දැනුම් දුන්නා.

නීතිපතිවරයා ලබා දුන් උපදෙස් ප්‍රකාරව මෙම පියවර ගන්නා බවද එහිදී පොලීසිය අධිකරණයට දන්වා සිටියා.

උන්වහන්සේට එරෙහිව ගොනු කර ඇති නඩුවට වසර 11ක් නීතිපති උපදෙස් නොලැබීම සහ ප්‍රමාදයට හේතුව සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අද 11 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර පෙර දින නියෝග කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ ඇප මත මුදා හැර ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විවෘත අධිකරණයේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
3
+1
0
+1
4
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03
Video thumbnail
අද මිනිස් ශිෂ්ටාචාරයට සුවිශේෂි දවසක්..අවු:53කට පස්සේ මිනිස්සු චන්ද්‍රයා කරා ගමන් කරනවා
06:46
Video thumbnail
මුහුදේ ඉදලා මේ යාත්‍රාව මාළුන්ට වඩා මත්ද්‍රව්‍ය රැස්කරලා..ධීවරයින්ට නාවික හමුදාපතිගෙන් සැර සත්තමක්..
03:32
Video thumbnail
ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ගැන නාවික හමුදාපති හෙළිකරයි..වටිනාකම කෝටි 620කට අධිකයි
03:48
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36