බොදු බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤවීදය නිපොන් හෝටලයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් අදහස් දැක්වූ බවට එහි මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිචෝදනා ගොනු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (11) කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවේ දැනුම් දුන්නා.
නීතිපතිවරයා ලබා දුන් උපදෙස් ප්‍රකාරව මෙම පියවර ගන්නා බවද එහිදී පොලීසිය අධිකරණයට දන්වා සිටියා.
උන්වහන්සේට එරෙහිව ගොනු කර ඇති නඩුවට වසර 11ක් නීතිපති උපදෙස් නොලැබීම සහ ප්‍රමාදයට හේතුව සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අද 11 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර පෙර දින නියෝග කර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ ඇප මත මුදා හැර ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විවෘත අධිකරණයේ පෙනී සිටියා.














ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නිතීය යුරෝපයේ සේ ඉතාම අනර්ඝය. උසස්ය. නමුත් යුරෝපය ට වැරදුනි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී නිතියෙන් රිංගා මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය එහි වැසියන්ට ම හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ට තර්ජනය වී ඇත. එම නිසා ලංකාව ද කුරාණයේ අන්තර්ගතය හා අවසාන අරමුණ සලකා එය තහනම් කිරීමට කටයුතු කල යුතුය.
මෙන්න මහා සැඟරුවනට අපහාස කරනවෝ…..