ගම්පොළ සිසුවෙකුට පොලිස් වෙඩි වැදුණු සිද්ධිය ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායමක් (ඡායාරූප)

ගම්පොළ, පන්විලතැන්න ප්‍රදේශයේ දී පොලිස් වෙඩි තැබීමකින් 18 හැවිරිදි පාසල් සිසුවෙකු තුවාල ලැබුවා.

අද (21) අලුයම සිදුකළ මෙම වෙඩි තැබීමෙන් සිසුවාගේ නිවසේ සුරතලයට ඇතිකළ රොට්වයලර් වර්ගයේ සුනඛයෙකු මිය ගියා.

ගම්පොළ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (21) අලුයම් කාලයේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

අදාළ නිවසේ නීති විරෝධී මත්පැන් ඇති බවට ලද තොරතුරකට අනුවයි පොලිස් නිලධාරීන් එම නිවස පරීක්ෂා කිරීමට ගොස් ඇත්තේ.

මෙම වැටලීම අතර තුර සුනඛයා සපාකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු පැවසුවේ මෙවැන්නක්.

“අපේ ගෙදර බල්ලා උදේ පහ හමාරට විතර කූඩුවෙන් එළියට දානවා 5.45ට විතර තුවක්කු ගත්ත පස් හය දෙනෙක් එකවරම ගේ පිටිපස්ස බැම්මෙන් මිදුලට පැන්නා එතකොට බල්ලා ඒ අයව හපන්න පැන්නා. මගේ මස්සිනා සහ මගේ පුතා එතන හිටියා පුතා පාසල් යනවා එයා උසස් පෙළ කරන්නේ. පොලිසිය එකවරම වෙඩි තිබ්බා පුතාටයි බල්ලාටයි වෙඩි වැදුණා. ගෙදර වහලටත් මේ අය වෙඩි තිබ්බා. ඊට පස්සේ පුතාට මේ අය මාංචු දාලා ගබඩා කාමරේට එක්ක ගියා. එයා විනාඩි 45ක් විතර එක ඇතුළේ තියාගත්තා. ඒ අය පුතා රෝහලට අරන් ගියේ නෑ .අපට අරන් යන්න දුන්නෙත් නෑ. බල්ලත් මැරුණා. පස්සේ පොලිසිය යන්න ගියා අපි පුතා පන්විලතැන්න රෝහලට අරන් ගියා. එතනින් එයා ගම්පොළ රෝහලට මාරු කළා.”

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් පත්කර තිබෙනවා.

මෙම සිද්ධියත් සමඟ පන්විලතැන්න ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
1
+1
3
+1
8
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21