ගම්පොළ නුවන්තිකාගේ ඇහැට කඳුළක් උනන සංවේදී කතාව

මවගේ ආදරයත් පියාගේ රැකවරණයත් හිමිතැන දරුවකු කිසිවකුට හෝ බියක් දක්වන්නේ නැත. ඒ තරමට දරුවකු මවගේ ආදරයත් පියාගේ රැකවරණයත් පිළිබඳව විශ්වාසය තබයි. මාපිය තුරුලේ සිටියදී දරුවකු තමන්ගේ තුරුලට ගන්නට මරුවා උත්සාහ කරත්දී එය වළකනු වෙනුවට පියකු මරුවාට දිරි දෙන්නේ නම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. ගම්පොළ මවුන්ට් ටෙන්පල් ජනපදයේ පදිංචි දාහතර හැවිරිදි උඩුදෙණිය වෙදරාළලාගේ ගෙදර නිපුනි නුවන්තිකා බණ්ඩාරට මරු හා සමඟ යන්නට වූයේ එවන් පියකු නිසාද යන සැකය දැන් මතුව තිබේ.

නුවන්තිකාගේ මරණය සම්බන්ධයෙන් 46 හැවිරිදි ඇගේ පියා සහ 42 හැවිරිදි බාප්පා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මිය යන්නට පෙර ඔවුන් විසින් නුවන්තිකාට පහරදී ඇති බවට ලද තොරතුරු පදනම්කර ගෙනය. නුවන්තිකාගේ බාප්පා ගම්පොළ අංගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හදිසි අවශ්‍යතාවක් සඳහා කොළඹ යායුතු බව පවසමින් ඔහු නුවන්තිකාව අංගම්මන නිවෙසට පසුගිය 13 දා කැඳවා ගෙන ගොස් තිබුණේ මවගේ හා දියණියගේ තනියට සිටින්නටය. ඇය නැවත නිවසට පැමිණ ඇත්තේ පසුගිය 19 වැනිදාය. ඒ වන විට ඇය පසුව ඇත්තේ දැඩි ලෙස අසනීප තත්ත්වයකිනි. 

බාප්පලගෙ ගෙදර හිටිය පොඩි අක්කා අපේ ගෙදර ආවේ හිටගෙන වත් ඉන්න බැරි තරමට අමාරු තත්ත්වයකින්. එයාට කිහිප සැරයක්ම වමනේ ගියා. විකාර දෙඩෙව්වා. නින්ද ගියේ නැහැ. තාත්තා රෑ 2.00 ට විතර නැගිටලා පොඩි අක්කට බැන්නා නිදාගන්නවත් බෑ මෙයාගේ කෙඳිරිය නිසා කියලා. පස්සේ තාත්තා පොඩි අක්කට ලීයකින් දෙකක් ගහලා ගෙයින් එළියට දැම්මා. මමයි, අම්මයි, ලොකු අක්කයි, නංගියි සේරම පොඩි අක්කා එක්ක මහ රෑ ගෙයින් එළියට ගියා. පොඩි අක්කව උඩහ අයියලාගෙ ගෙදරට අරන් ගියාට පස්සේ අම්මා ගමේ නැන්දා කෙනෙකුට කියලා දෙහි ගෙඩියක් මතුරලා ගෙනත් දෙන්න ඕනෑ කිව්වා. නිපුනි නුවන්තිකා බණ්ඩාර දැරිවියගේ මරණය පිළිබඳ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඇගේ නැඟණිය වන දොළොස් හැවිරිදි පවනි නෙත්මිණි බණ්ඩාර දියණිය සාක්ෂි දෙමින් එසේ පැවසුවාය.

ගම්පොල මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ශ්‍රීනිත් විජේසේකර විසින් මියගිය නුවන්තිකා බණ්ඩාර දැරියගේ නිවසට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබීය. ගැහැනු දරුවන් සිවු දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නා වූ නුවන්තිකාට ඇගේ බාප්පා ඔහුගේ නිවසේදී පහරදී තිබෙන බව දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. එයට හේතුවී ඇත්තේ ඇය බාප්පාගේ දියණිය හා එම ප්‍රදේශයේ තරුණයකු සමඟ පේර කැඩීමට යාමේ සිද්ධියකි. එය දැක ඇති අයකු කළ දැනුම් දීමකට අනුව බාප්පා දියණියන් දෙදෙනාම කැඳවා අවවාද කොට පහරදී ඇති බව දැනගන්නට ඇත. බාප්පාගේ නිවසේ සිට ඇය පසුගිය 15 වැනි බදාදා තෙක් පාසල් ගොස් තිබේ. එම සතියේ ඉතිරි දින දෙක ඇය පාසල් ගොස් ඇති බවක් වාර්තා නොවේ. යළි 19 වැනි නිවසට පැමිණ තිබෙන නුවන්තිකා අසනීපව අසාධ්‍ය තත්ත්වයෙන් පසු වුවද කිසිවකුත් ඇය රෝහල්ගත කිරීමට හෝ පියවර නොගත්තේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. දැනට වාර්තා වී තිබෙන කරුණු අනුව පියාද පහරදීම නිසා 21 දින උදෑසන වන විට ඇය දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්ව සිට ඇත.

නිවස අසල ඥාතී නිවසකට ඇය රැගෙන ගොස් ඇත්තේ 21 දින පෙරවරුවේය. එම නිවසේ පදිංචි නුවන්තිකාගේ ඥාති සොහොයුරියක වන රහදිය වෙද රාලලාගේ තිළිණි මනිෂා යන අය ප්‍රකාශයක් ලබා දෙමින් මෙසේ පැවසුවාය. ‘නුවන්තිකා මගේ සැමියාගේ ලොකු අම්මගෙ දුව. එයාට අංගම්මන බාප්පලගෙ ගෙදර දී පහරදීලා කියන ආරංචියට මගේ මහත්තයයි අනෙක් අයයි ත්‍රීවිල් එක අරන් ගිහින් නංගි ගෙදර ගෙනාවා. එයා දවස් දෙකක් කාලා තිබුණේ නැහැ. විකාර දෙඩෙව්වා. කියන ඒවා පැහැදිලිව ඇහුණේ නැහැ. උගුරෙන් තමයි ශබ්දය පිට වුණේ. එයා මට කීවා මම මහණ වෙන්න යනවා ඔයත් එනවද මගෙත් එක්ක යන්න කියලා. පස්සේ දවල් එකහමාරට විතර එයා වතුර ඉල්ලුවා. මහත්තයා එයාට යෝගට් ටිකක් කැව්වා. දවල් දෙකට විතර ඇඳේ ඉද්දී එයා එකවරම ගල් වුණා. හුස්ම ගත්තෙ නැහැ‘

වැඩිදුර සාක්ෂි විභාගය ලබන 29 දිනට කල් තැබූ මහේස්ත්‍රාත්වරයා එදිනට සාක්ෂිකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය. ගම්පොළ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දුගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක අසංක,පොලිස් සැරයන් රෝහිත යන නිලධාරීන් සාක්ෂි මෙහෙයවනු ලැබූහ. කල්වේලා ඇතිව දැරිය රෝහල්ගත කළා නම් ඇගේ ජීවිතය බේරා ගැනීමට තිබූ බවත් දෙමාපියන් හා ඥාතීන් ප්‍රාථමික අයුරින් කටයුතු කිරීම නිසා අඩු වයස් දරුවකු මෙසේ මිය යෑම කනගාටුදායක තත්ත්වයක් බවත් ගම්පොළ දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර පැවසුවේය.

ගම්පොළ ශාන්ත ජෝශප් විද්‍යාලයේ නවවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි නුවන්තිකා දැන් සඳහටම දෙනෙත් පියාගෙන හමාරය.

මෙම මරණයට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. මහනුවර ජාතික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර එහිදී මරණය සම්බන්ධව අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා ලබාදී තිබුණේ විවෘත තීන්දුවකි.

දැරියගේ ශරීර කොටස් රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට නියමිතය. නුවන්තිකාගේ පවුලේ උදවිය කරනු ලබන ප්‍රකාශ අනුව ඇය ජීවිතයේ අවසන් පැය කිහිපය ගතකර ඇත්තේ දැඩි අසාධ්‍යය තත්ත්වයකිනි. ඊට හේතු වූවේ පියා හා බාප්පා කළ පහරදීම ද නැතහොත් වෙනත් අසනීප තත්ත්වයක්ද යන්න තවමත් ස්ථිරව ප්‍රකාශ කළ නොහැකිය. කෙසේ වුවත් මෙතරම් අසාධ්‍යය තත්ත්වයෙන් පසුවත්දීත් ඇයව රෝහල් ගත කරන්නට කවුරුන් හෝ පියවර නොගැනීම පුදුමයට කරුණකි.

අසේල කුරුළුවංශ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19