ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයේ වැසිකිළියක සේවකයෙකුගේ මළ සිරුරක්

ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයේ වැසිකිළියක් තුළ එහි සේවකයෙකු මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ එම කාර්යාලයේ, කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක්.

දෙදරු පියෙකු වන මෙම පුද්ගලයා ගම්පොළ, රත්මල්කඩුව ප්‍රදේශ පදිංචි 44 හැවිරිදි අයෙක්.

මෙම පුද්ගලයා ඊයේ (13) දින රාජකාරිය සඳහා කාර්යාලයට පැමිණ ඇති අතර, පෙරවරු 10.00 පමණ සිය ඔහු කාර්යාලය තුළ දකින්නට සිටි නොමැති බවයි වාර්තා වන්නේ.

පසුව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කර ඇති අතර, ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාදුන්න ද ඒ සඳහා කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

අනතුරුව එම කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඔහු සෙවීම ආරම්භ කර ඇති අතර, එහිදී පස්වරු 4.00ට පමණ කාර්යාලය ඇතුළේ ඇති වැසිකිළිය පරීක්ෂා කිරීමේ දී මෙම පුද්ගලයාගේ එහි වැටී මියගොස් ඇති ආකාරය දැක තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, ගම්පොල හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදුකර සිරුර ගම්පොළ රෝහල වෙත යොමු කර තිබෙනවා.

අද (14) දිනයේ මෘත දේහය සම්බන්ධයෙන්වන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47