spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයේ වැසිකිළියක සේවකයෙකුගේ මළ සිරුරක්

ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයේ වැසිකිළියක් තුළ එහි සේවකයෙකු මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ එම කාර්යාලයේ, කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක්.

දෙදරු පියෙකු වන මෙම පුද්ගලයා ගම්පොළ, රත්මල්කඩුව ප්‍රදේශ පදිංචි 44 හැවිරිදි අයෙක්.

මෙම පුද්ගලයා ඊයේ (13) දින රාජකාරිය සඳහා කාර්යාලයට පැමිණ ඇති අතර, පෙරවරු 10.00 පමණ සිය ඔහු කාර්යාලය තුළ දකින්නට සිටි නොමැති බවයි වාර්තා වන්නේ.

පසුව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කර ඇති අතර, ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාදුන්න ද ඒ සඳහා කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

අනතුරුව එම කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඔහු සෙවීම ආරම්භ කර ඇති අතර, එහිදී පස්වරු 4.00ට පමණ කාර්යාලය ඇතුළේ ඇති වැසිකිළිය පරීක්ෂා කිරීමේ දී මෙම පුද්ගලයාගේ එහි වැටී මියගොස් ඇති ආකාරය දැක තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, ගම්පොල හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදුකර සිරුර ගම්පොළ රෝහල වෙත යොමු කර තිබෙනවා.

අද (14) දිනයේ මෘත දේහය සම්බන්ධයෙන්වන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?