AFC Banner
AFC Banner
Empty Ad

ගම්පහ දිස්ත්‍රික්කය ම ඩෙංගු නිසා රත් වෙයි

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ ලේකම් ලලින්ද ගමගේ මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ අද (19) වන විට ඩෙංගු රෝගීන් මාසිකව වාර්තා වීම 5000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.

එමෙන්ම එම රෝගීන් අතරින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට ද පත් ව තිබෙනවා.

මේ වනවිට එම දිස්ත්‍රික්කය ඩෙංගු රෝගීන් වාර්තා වන අධි අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම සේවා වසමක ම ආවරණය වන පරිදි එළඹෙන සෙනසුරාදා (21) පුළුල් පරිසරය පවිත්‍ර කිරීමක් සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
5
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?