සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමිකරුවෙකුවන ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ගෝලයෙක් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ (28) ගම්පහ,කොටුගොඩ ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
41 හැවිරිදි වියේ පසුවූ මෙම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 200ක් ද සොයාගෙන තිබෙනවා.
ගනේමුල්ල සංජීව සමඟ සමීප සබදකම් පවත්වමින් සිදුකර ඇති අපරාධ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොහු ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




