AFC Banner
AFC Banner
Empty Ad

ගත වූ පැය 24 තුළ යුක්තියට තවත් පිරිසක් කොටු

ගත වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුමෙන් අපරාධකරුවන් 910ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 676ක් සහ අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 234ක් ද සිටිනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 676 දෙනා අතරින් සැකකරුවන් 17කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, නීති විරෝධී වත්කම් විමර්ශන 01ක් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 02ක් පුනරුත්ථාපනය සදහා යොමු කර තිබෙනවා.

ඊට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 19ක් ද ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගැනුණු පිරිස අතරට අයත්.

එමෙන්ම අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 234 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 35 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 191ක් ද සිටිනවා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි එක් සැකකරුවෙක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 07ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?