ගණිකාවන්ගේ වැඩි වීමක්! ඉල්ලුමත් වැඩිවෙයි

වව්නියාව දිස්ත්‍රීක්කයට පිටස්තර ප්‍රදේශයන්හි සිට පැමිණෙන රහසිගත ගණිකා වෘත්තියේ නියෙලන කාන්තාවන්ගේ ප්‍රමාණය වැඩි වී ඇති හෙයින් ලිංගාශ්‍රිත රෝගවල වැඩිවීමේ අවධානමක් පවතින බවට වව්නියාව දිස්ත්‍රීක් ලිංගාහ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන් භාර නිලධාරී වෛද්‍ය කේ. චන්ද්‍රකුමාර් මහතා පවසනවා.

2003 වසරේ සිට 2021 වසරේ මේ දක්වා වව්නියාව දිස්ත්‍රික්කයේ එඩ්ස් රෝගීන් 29 දෙනෙකු හඳුනාගෙන ඇති අතරම ඉන් 16 දෙනෙකුම පිරිමි පුද්ගලයින් වෙයි. එමෙන්ම ආසාදිතයින්ගෙන් 12 දෙනෙකුම මේ වන විට මිය ගොස් ඇති බවටද වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මේ දිනවල වව්නියාව දිස්ත්‍රීක්කයට වෙනත් දිස්ත්‍රික්කයන්හි සිටද ගණිකා සේවයේ නිරත වන කාන්තාවන්ගේ පැමිණීම වැඩිවී තිබෙන බවට අනාවරණය වෙද්දි ලිංගාශ්‍රිත රෝගද 10 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයිද හෙතෙම සදහන් කළා.

මේ හේතුව නිසාම ආරක්ෂක අංශ සාමාජිකයින්ට, තරුණ ප්‍රජාවට මෙන්ම පාසල් සිසු දරුවන්ටද එඩ්ස් අවධානම පිළිබඳව පූර්ණ දැනුවත් කිරීම් සිදුකෙරෙන අතරම ආරක්ෂිත පියවර පිළිබඳවද පූර්ණ දැනුවත් කිරීම් සිදුකෙරෙන බවටද වෛද්‍ය කේ.චන්ද්‍රකුමාර් මහතා වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07