AFC Banner
Empty Ad
Empty Ad

ගඟට වැටුණු සුනඛයෙක් කිඹුලන් විසින් බේරා ගනී

තමා පසුපස එළවාගෙන පැමිණි සුනඛයන් රැලකින් බේරීම සඳහා ගඟකට පනිනු ලැබූ තවත් සුනඛයෙකුගේ ජීවිතය එම ගඟේ සිටි කිඹුලන් විසින් බේරා ගැනීමේ සිදුවීමක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

මෙම සුනඛයා පසුපස ලුහුබඳින වෙනත් වීදි සුනඛයන් රංචුවකින් බේරීමට නොදැනුවත්වම කිඹුලන් වාසය කරන ගඟට පැන ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී කිඹුලන් තුන්දෙනකු අදාළ සුනඛයා වට කරගත් අතර එම මොහොත සත්වයාගේ ජිවිතයේ අවසන් මොහොත වනු ඇතැයි මෙම දර්ශනය දෙස බලා සිටි සෑම අයෙකුම විශ්වාස කළ බව වසර ගණනක සිට කිඹුලන් අධ්‍යනය කරනු ලබන විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් ගඟට පනිනු ලැබූ සුනඛයාට ළං වූ කිඹුලන් 3 දෙනෙකුගෙන් දෙදෙනෙක් කළ ක්‍රියාව කිසිවකුටත් අදහාගත නොහැකි වූ බවයි එම ස්ථානයේ සිටි පිරිස ප්‍රකාශ කර ඇත්තේ.

එම කිඹුලන් දෙදෙනා සුනඛයා මරා දමා ආහාරයට ගන්නවා වෙනුවට දෙදෙනාගේ නාසයෙන් සුනඛයා ආරක්ෂිතව ගං ඉවුර වෙත තල්ලු කර ගෙන ගොස් ගොඩ කළ බව සත්ව විද්‍යාඥයන් සඳහන් කර තිබෙනවා.

එම කිඹුලන් දෙදෙනා විසින් අසරණ වූ සුනඛයා ගඟෙන් ගොඩට නංවා ඇත්තේ හඹා ආ වීදි සුනඛ රැල නොමැති ස්ථානයකින් වීම තවත් විශේෂත්වයක්.

විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ කිඹුලන්ට ද අනුකම්පාවක් තිබෙන බව පෙන්වීමට මෙය කදිම උදාහරණයක් වුව ද කිඹුලන් දෙදෙනා සුනඛයා ආහාරයට නොගැනීම ප්‍රශ්නාර්ථයක් බවයි.

සිද්ධිය පිළිබඳ වීඩියෝ දර්ශන නොමැති වුවද ඇතැම් ප්‍රදේශවාසීන් මෙම සිදුවීමේ ඡායාරූප ඔවුන්ගේ දුරකථනවලින් ලබාගෙන තිබෙනවා.

එහි දැක්වෙන ආකාරයට පළමුවෙන්ම කිඹුලන් සුනඛයාට හානි කිරීමට සූදානම්ව සිටින බවක් පෙනෙන්නට තිබුණ ද පසුව අනාරක්ෂිත සත්වයාට පහර දෙනවා වෙනුවට කිඹුලන් ගඟෙන් ගොඩ ඒමට සුනඛයාට සහාය වීමට අධිෂ්ඨාන කර ගත් බවයි දැක්වෙන්නේ.

කිඹුලන් දෙදෙනා සුනඛයාව ගං ඉවුර දෙසට මෘදු ලෙස තල්ලු කර නැවත වියළි බිමට නැඟීමට අවස්ථාව සලසා දුන් බව සඳහන්.

මෙම හැසිරීම වඩාත් කැපී පෙනෙන කරුණක් වන්නේ කිඹුලන් විසින් සුනඛයා දමා ගිය ගං ඉවුරේ ප්‍රදේශය වෙනත් සුනඛයන්ගෙන් තොර වීමයි.

කිඹුලන්ගේ සාමාන්‍ය හැසිරීම්වලට පටහැනි කරුණක් බැවින් මෙම අසාමාන්‍ය හැසිරීම විශේෂඥයින් මවිතයට පත් කර තිබෙනවා.

Kind Crocodile Saved Lost Dog In River 65110c76b2f0e
photo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
123
+1
13
+1
19
+1
74
+1
11
+1
12
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?