ගඟට වැටුණු සුනඛයෙක් කිඹුලන් විසින් බේරා ගනී

තමා පසුපස එළවාගෙන පැමිණි සුනඛයන් රැලකින් බේරීම සඳහා ගඟකට පනිනු ලැබූ තවත් සුනඛයෙකුගේ ජීවිතය එම ගඟේ සිටි කිඹුලන් විසින් බේරා ගැනීමේ සිදුවීමක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

මෙම සුනඛයා පසුපස ලුහුබඳින වෙනත් වීදි සුනඛයන් රංචුවකින් බේරීමට නොදැනුවත්වම කිඹුලන් වාසය කරන ගඟට පැන ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී කිඹුලන් තුන්දෙනකු අදාළ සුනඛයා වට කරගත් අතර එම මොහොත සත්වයාගේ ජිවිතයේ අවසන් මොහොත වනු ඇතැයි මෙම දර්ශනය දෙස බලා සිටි සෑම අයෙකුම විශ්වාස කළ බව වසර ගණනක සිට කිඹුලන් අධ්‍යනය කරනු ලබන විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් ගඟට පනිනු ලැබූ සුනඛයාට ළං වූ කිඹුලන් 3 දෙනෙකුගෙන් දෙදෙනෙක් කළ ක්‍රියාව කිසිවකුටත් අදහාගත නොහැකි වූ බවයි එම ස්ථානයේ සිටි පිරිස ප්‍රකාශ කර ඇත්තේ.

එම කිඹුලන් දෙදෙනා සුනඛයා මරා දමා ආහාරයට ගන්නවා වෙනුවට දෙදෙනාගේ නාසයෙන් සුනඛයා ආරක්ෂිතව ගං ඉවුර වෙත තල්ලු කර ගෙන ගොස් ගොඩ කළ බව සත්ව විද්‍යාඥයන් සඳහන් කර තිබෙනවා.

එම කිඹුලන් දෙදෙනා විසින් අසරණ වූ සුනඛයා ගඟෙන් ගොඩට නංවා ඇත්තේ හඹා ආ වීදි සුනඛ රැල නොමැති ස්ථානයකින් වීම තවත් විශේෂත්වයක්.

විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ කිඹුලන්ට ද අනුකම්පාවක් තිබෙන බව පෙන්වීමට මෙය කදිම උදාහරණයක් වුව ද කිඹුලන් දෙදෙනා සුනඛයා ආහාරයට නොගැනීම ප්‍රශ්නාර්ථයක් බවයි.

සිද්ධිය පිළිබඳ වීඩියෝ දර්ශන නොමැති වුවද ඇතැම් ප්‍රදේශවාසීන් මෙම සිදුවීමේ ඡායාරූප ඔවුන්ගේ දුරකථනවලින් ලබාගෙන තිබෙනවා.

එහි දැක්වෙන ආකාරයට පළමුවෙන්ම කිඹුලන් සුනඛයාට හානි කිරීමට සූදානම්ව සිටින බවක් පෙනෙන්නට තිබුණ ද පසුව අනාරක්ෂිත සත්වයාට පහර දෙනවා වෙනුවට කිඹුලන් ගඟෙන් ගොඩ ඒමට සුනඛයාට සහාය වීමට අධිෂ්ඨාන කර ගත් බවයි දැක්වෙන්නේ.

කිඹුලන් දෙදෙනා සුනඛයාව ගං ඉවුර දෙසට මෘදු ලෙස තල්ලු කර නැවත වියළි බිමට නැඟීමට අවස්ථාව සලසා දුන් බව සඳහන්.

මෙම හැසිරීම වඩාත් කැපී පෙනෙන කරුණක් වන්නේ කිඹුලන් විසින් සුනඛයා දමා ගිය ගං ඉවුරේ ප්‍රදේශය වෙනත් සුනඛයන්ගෙන් තොර වීමයි.

කිඹුලන්ගේ සාමාන්‍ය හැසිරීම්වලට පටහැනි කරුණක් බැවින් මෙම අසාමාන්‍ය හැසිරීම විශේෂඥයින් මවිතයට පත් කර තිබෙනවා.

Kind Crocodile Saved Lost Dog In River 65110c76b2f0e
photo


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33