AFC Banner
AFC Banner
Empty Ad

කෝප වුණ ජනතාව අතර පිපිරීමක් ඇති වෙයි – හිටපු අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. රටේ ඩොලර් හිඟය ඉතාමත් දරුණු තත්ත්වයකට පත්ව තිබෙන බවයි ඔහු එම ප්‍රකාශයෙන් සඳහන් කර ඇත්තේ.

විශේෂයෙන් මේ වන විට ව්‍යාපාර කඩා වැටෙමින් පවතින බවත්,රැකියා නැතිවන බවත්, මධ්‍යම පන්තිය පිරිහෙමින් පවතින බවත්, ගොවින් අතරමන් වී ඇති බවත් මේවාට විසඳුම් අවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන ලද විශේෂ ප්‍රකාශය පහතින් දැක්වේ.

“ඩොලර් හිගය දරුණු තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ඒ බර ජනතාවට උහලන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ.

විශේයෙන්ම ව්‍යාපාර කඩා වැටෙනවා. රැකියා නැති වෙනවා. මැද පන්තිය පිරිහෙනවා. ගොවීන් අතමං වෙලා තියෙන්නේ. මේවාට වහාම විසදුම් උවමනායි.

කොවිඩ් 19 වසංගතය තිබුණත් රටවල් ගණනාවක් 2021 අවුරුද්දේ ආර්ථික ප්‍රගතියක් පෙන්නලා තියෙනවා. අපිත් මේ ප්‍රශ්න විසදන්න ඔනේ. ඒ නිසා ආණ්ඩුවේ යුතුකමක් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වහාම ගිහින් ආධාර ලබාගන්න. නැත්නම් ඊට පිළිගත විකල්පයක් ඉදිරිපත් කරන්න. ඒ දෙකම සිදුවෙලා නැහැ.

අද මේ රටේ ජනතාව කෝපයෙන් සිටින්නේ. මීට අමතරව තවත් ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. ඒක තමා මේ රටේ ඇති වෙන්න යන ආහාර හිඟය. එන හැම ආරංචියක් අනුවම ඇත්තවශයෙන්ම සිංහල අවුරුදු කාලේ වෙනකොට රටේ ආහාර හිඟයක් ඇති වෙනවා.

බොහෝ ප්‍රදේශවලින් වාර්තා කරන්නේ මේ සැරේ අස්වැන්න ගිය සැරේ අස්වැන්නෙන් 60%ක ප්‍රමාණයක් කියලා. මෙවැනි තත්ත්වයක් ඇති වුණොත් අපිට මුහුණදෙන්න තියෙන දේශපාලන පසුබිම ගැන හිතන්න. කෝප වුණ ජනතාව අතර පිපිරීමක් ඇති වෙයි. ඒ පිපිරීම ආණ්ඩුවටත් අපේ පාර්ලිමේන්තුවටත් දෙකටම බලපානවා. එහෙම නම් මේක වළක්වා ගන්න උවමනායි රට දියුණු කරන්නම්.

දැනට ආණ්ඩුව ඉන්දියාව එක්ක සාකච්ඡා කරනවා ණයට තෙල් ගන්න, ණයට ආහාර ගන්න. ඒ සාකච්ඡා වහාම අවසන් කරන්න. ඒ වගේම ඉන්දියාව සමග ඇතුළුවෙන්න තියෙන ගිවිසුම් ඒ වගේම අවසන් කරන්න. මේ ආහාර ලබාගන්න. ණය ගැනීමෙන්වත් බඩු භාණ්ඩ ණයට ගැනීමෙන්වත් මේ රටේ විදේශ විනිමය තත්ත්වය විසඳෙන්නේ නෑ.

නමුත් තාවකාලික සහනයක් ගන්න හරි මේ ණයට ආහාර ගන්න, ණයට තෙල් ගන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා මම ආණ්ඩුවට දැනුම් දෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?