කෝප වුණ ජනතාව අතර පිපිරීමක් ඇති වෙයි – හිටපු අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. රටේ ඩොලර් හිඟය ඉතාමත් දරුණු තත්ත්වයකට පත්ව තිබෙන බවයි ඔහු එම ප්‍රකාශයෙන් සඳහන් කර ඇත්තේ.

විශේෂයෙන් මේ වන විට ව්‍යාපාර කඩා වැටෙමින් පවතින බවත්,රැකියා නැතිවන බවත්, මධ්‍යම පන්තිය පිරිහෙමින් පවතින බවත්, ගොවින් අතරමන් වී ඇති බවත් මේවාට විසඳුම් අවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන ලද විශේෂ ප්‍රකාශය පහතින් දැක්වේ.

“ඩොලර් හිගය දරුණු තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ඒ බර ජනතාවට උහලන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ.

විශේයෙන්ම ව්‍යාපාර කඩා වැටෙනවා. රැකියා නැති වෙනවා. මැද පන්තිය පිරිහෙනවා. ගොවීන් අතමං වෙලා තියෙන්නේ. මේවාට වහාම විසදුම් උවමනායි.

කොවිඩ් 19 වසංගතය තිබුණත් රටවල් ගණනාවක් 2021 අවුරුද්දේ ආර්ථික ප්‍රගතියක් පෙන්නලා තියෙනවා. අපිත් මේ ප්‍රශ්න විසදන්න ඔනේ. ඒ නිසා ආණ්ඩුවේ යුතුකමක් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වහාම ගිහින් ආධාර ලබාගන්න. නැත්නම් ඊට පිළිගත විකල්පයක් ඉදිරිපත් කරන්න. ඒ දෙකම සිදුවෙලා නැහැ.

අද මේ රටේ ජනතාව කෝපයෙන් සිටින්නේ. මීට අමතරව තවත් ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. ඒක තමා මේ රටේ ඇති වෙන්න යන ආහාර හිඟය. එන හැම ආරංචියක් අනුවම ඇත්තවශයෙන්ම සිංහල අවුරුදු කාලේ වෙනකොට රටේ ආහාර හිඟයක් ඇති වෙනවා.

බොහෝ ප්‍රදේශවලින් වාර්තා කරන්නේ මේ සැරේ අස්වැන්න ගිය සැරේ අස්වැන්නෙන් 60%ක ප්‍රමාණයක් කියලා. මෙවැනි තත්ත්වයක් ඇති වුණොත් අපිට මුහුණදෙන්න තියෙන දේශපාලන පසුබිම ගැන හිතන්න. කෝප වුණ ජනතාව අතර පිපිරීමක් ඇති වෙයි. ඒ පිපිරීම ආණ්ඩුවටත් අපේ පාර්ලිමේන්තුවටත් දෙකටම බලපානවා. එහෙම නම් මේක වළක්වා ගන්න උවමනායි රට දියුණු කරන්නම්.

දැනට ආණ්ඩුව ඉන්දියාව එක්ක සාකච්ඡා කරනවා ණයට තෙල් ගන්න, ණයට ආහාර ගන්න. ඒ සාකච්ඡා වහාම අවසන් කරන්න. ඒ වගේම ඉන්දියාව සමග ඇතුළුවෙන්න තියෙන ගිවිසුම් ඒ වගේම අවසන් කරන්න. මේ ආහාර ලබාගන්න. ණය ගැනීමෙන්වත් බඩු භාණ්ඩ ණයට ගැනීමෙන්වත් මේ රටේ විදේශ විනිමය තත්ත්වය විසඳෙන්නේ නෑ.

නමුත් තාවකාලික සහනයක් ගන්න හරි මේ ණයට ආහාර ගන්න, ණයට තෙල් ගන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා මම ආණ්ඩුවට දැනුම් දෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර - කට්ටිය ජනපතිව වට කර ගයි
02:09
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34