සිසුවියක් අපහරණය කර ඝාතනය කළ අයෙකුට බලපිටිය මහාධිකරණයෙන් මරණ දඬුවම

දොළොස් හැවිරිදි දැරියක් අපහරණයට ලක්කර ඝාතනය කළ විත්තිකරුවකුට බලපිටිය මහාධිකරණය විසින් මරණීය දණ්ඩයනය නියම කරයි.

අම්බලන්ගොඩ පොලිස් වසමේ 2008 වසරේ දෙසැම්බර් මස 04 දින තල්ගස්ගොඩ, සුදුවැල්ල ප්‍රදේශයේදී අවුරුදු 12ක පාසල් ශිෂ්‍යාවක් අපහරණයට ලක්කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් බලපිටිය මහාධිකරණයේදී විභාග වූ නඩුවක තීන්දුව ඊයේ (07) ලබා දුන්නා.

එහිදී විත්තිකරුට මනුෂ්‍ය ඝාතනය සම්බන්ධ චෝදනාවට මරණීය දණ්ඩනය බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින් නියම කළා.

මෙහිදී විත්තිකරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ මෙම නඩු පවරා තිබූ අතර, පළමු චෝදනාව වූ අපහරණය යටතේ රුපියල් 25,000ක දඩ මුදලක් නියම වූ අතර, ඊට අමතරව වසර පහක අනිවාර්යය බරපතල වැඩ සහිතව සිරදඬුවමක් හා මනුෂ්‍ය ඝාතනය කිරීම යටතේ මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා.

අම්බලංගොඩ ප්‍රදේශයේ පාසලක 2008 වසරේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් වූ සල්ගස්ගොඩ ප්‍රදේශයේ පදිංචි දොළොස් හැවිරිදි දැරියක් පාසලේ ක්‍රීඩා උත්සවයට ගොස් නැවත නිවසට එන අතර තුර තල්ගස්ගොඩ, සුදුවැල්ල ප්‍රදේශයේ දී ඇය පැහැරගෙන කුරුඳු කැලයකට ගෙන ගොස් අපහරණය කර පොල්ලකින් ගසා ඝාතනය කර මළ සිරුර ළිඳකට දමා තිබිය දී සොයා ගැනුණා.

එම අපරාධයේ චූදිතයා වූ තල්ගස්කොඩ ප්‍රදේශයේ පදිංචි නලිඳු සම්පත් නොහොත් ‘පුංචා’ යන අයට එරෙහිව මෙම මරණීය දණ්ඩනය ලබාදෙනු ලැබුවා.

තීන්දුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව චූදිතයා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යාමටයි කටයුතු කළේ.

  1. මූව බේරගන්න කළු කෝට් කාරයො පෝලිමේ එයි කුඩු කාරයෙක්ගේ අනුග්‍රහය ලැබුන නම්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40