AFC Banner
AFC Banner
Empty Ad

කෝපා කමිටුවෙන් ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවට උපදෙසක්

ප්‍රජාමූල සංවිධාන පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබාගෙන නියාමනයට කටයුතු කරන ලෙස කෝපා කමිටුව ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

කෝපා කමිටුව මෙම උපදෙස් ලබාදුන්නේ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ 2019/2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

මෙහිදී කෝපා කමිටුව පෙන්වා දුන්නේ ප්‍රජා මූල සංවිධාන ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වීම හේතුවෙන් යම් ආකාරයක නියාමනයක් අවශ්‍ය බවයි.

මේ නිසා මෙම ප්‍රජාමූල සංවිධාන ආශ්‍රිතව සිදු වන මුදල් ගනුදෙනු පරීක්ෂා කළ යුතු බවද කමිටුව පෙන්වා දී තිබෙනවා.

එසේම ප්‍රජා ජල අභිමානී වැඩසටහන ක්‍රියාත්මකවීම පිළිබඳ කෝපා කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වුණා.

මෙහිදී විගණකාධිපති වාර්තා අනුව සැලසුම් කළ ආකාරයට ජල ව්‍යාපෘති අවසන් කර නොමැති බවයි විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘති අදියර වශයෙන් සැලසුම් කර තිබූ අතර ඒ අනුව 2019 වර්ෂයේ ආරම්භ කළ ජල ව්‍යාපෘති 123ක් අතරින් 2022 දෙසැම්බර් වන විට ව්‍යාපෘති 119ක් අවසන් කර ඇති බවයි.

මේ නිසා විගණකාධිපති වාර්තාවල අඩංගු ඇතැම් කරුණු නිරවද්‍ය නොවන බවයි ඔවුන් පෙන්වා දුන්නේ. ඉන් පසු අදියරේදී ආරම්භ කළ ජල ව්‍යාපෘතිවල කටයුතු තවමත් සිදු වන බව නිලධාරීන් සඳහන් කර තිබෙනවා.

මේ අනුව සැප්තැම්බර් මස 22 වනදාට පෙර මේ පිළිබඳ පැහැදිලි තොරතුරු ඇතුළත් වාර්තාවක් කෝපා කමිටුවට ලබා දෙන ලෙසටයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න නිර්දේශ කළේ.

එසේම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවල තොරතුරු නිවැරදි නොවන බව සඳහන් කරන්නේ නම් එය අභියෝගයට ලක් කිරීමට අදාළ ආයතනයට හැකියාව පවතින බවත් එබැවින් ඒ පිළිබඳ විස්තරද අදාළ අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙසත් කෝපා කමිටු සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.

තවද අක්‍රීය ප්‍රජාමූල සංවිධාන පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර මෙම දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර තිබූ ප්‍රජාමූල සංවිධාන 5383ක් අතරින් 2023 ජුනි 30 වන විට සංවිධාන 234 ක් අක්‍රීයව පවතින බවයි කෝපා කමිටුව පෙන්වා දුන්නේ. මෙහිදී පැමිණ සිටි නිධාරීන් සඳහන් කළේ මෙම අක්‍රීය සංවිධාන අතරින් 19 ක් සක්‍රීය මට්ටමට ගැනීමට මේ වන විට කටයුතු කර ඇති බවයි. එසේම මෙම සංවිධාන අක්‍රීය වීමට ජල මූලාශ්‍ර සිදීයාම ඇතුළු හේතු 4ක් පමණ බලපා ඇති බවද නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

එසේම ඉටු නොකළ වැඩ සහ ලංසු ලේඛනවල සඳහන් නියමයන්ට පටහැනිව සිදු කළ කාර්යයන් වෙනුවෙන් ගෙවීම් සිදු කළ ආකාරය පිළිබඳවද වාර්තාවක් ලබා දෙන ලෙස කෝපා කමිටු සභාපතිවරයා නිර්දේශ කරනු ලැබුවා. මීට අමතරව නොවැම්බර් මස 8 වැනිදා මෙම දෙපාර්තමේන්තුව නැවත කෝපා කමිටුවට කැඳවන බවත් එහිදී දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් මෙම දෙපාර්තමේන්තුව හා සම්බන්ධව කටයුතු කරන නිලධාරීන් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන බවයි ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?